📌️මෙය මාගේ හිතලුවක් පමනි.
කරුණාකර මෙම කතා මාලාව copy
කිරීමෙන් වළකින්න..*
*
*එක දවසක් හිනා වෙලා හිටියොත් සතියක් අඬන්න වෙන ප්‍රශ්න අපි හැමෝගෙම ජීවිත වලට එනවා.. සමහර ප්‍රශ්න තියෙනවා විසදගන්න පුලුවන් ඒව.. ඒත් සමහර ප්‍රශ්න තියෙනවා මොන දේ කරත් කිසි දවසක විසදගන්න බැරි දේවල්.. අපි වේදනා විදන කාලයක් එයි.. සමහර වේදනාවල් තියෙනවා බෙහෙත් පෙත්තකින් හෝ වෙනත් දේකින් වේදනාව නැති වෙලා යන.. ඒත් ජීවිත කාලෙම විදින වේදනාත් අපේ ජීවිත වල තියෙනවා නේද..?
ඔව් මම දැන් ඉන්නෙ එහෙම වේදනාවක් දරාගෙනයි.. තමන් ලග තමන්ගෙ ආදරනීයන් ඉන්නකන් රණ්ඩු කරයි ගහගනී කෑ ගහයි.. ඒත් ඒ ආදරනීය පුද්ගලයා කවද හරි නොයෙන්නම යන්න ගියාම නේද තේරෙන්නෙ එයා නැති අඩුව.. ඉස්සර වගේ රණ්ඩු කරන්න ගහගන්න කෑ කෝ ගහන්න අද එයාගෙ හුළගවත් නැති වෙද්දි දැනෙන වේදනාව තුවාලෙකට වඩා වැඩී නේද..?
මම ඉන්නෙම දැන් ලෝදියක පැහෙන ගමන්.. මගෙ දිදී මට මගේ සහෝදරය විතරක් නෙමෙයි ඒ මගේ පුතා සහ හොදම යාලුවත් උනා.. ඉතින් මට නැති උනේ මගෙ ජීවිතෙන් කොටසක් නෙමෙයිද..? මම නිව්යෝක් වලට ආවම දිදී එක්ක වැඩිය කතා කරන්නත් වෙලාවක් නොදා ගත්තේ එයා මාව දාල කොහෙ යන්නද කියල හිතපු නිසා.. අන්තිමට එයා මටත් නොකියම ඇස් පියා ගත්තා.. මගේ රත්තරන් දිදීගෙ ඒ ලස්සන හිනාව ආයෙ කවදාවත්ම මට දකින්න බැරුව ගියා..
පැය ගානක් හොස්පිටල් එකේ හිටපු අපි දෙන්න අන්තිමට ගෙදර ආව හවස් වෙලා.. ලියෝන් මාව බලෙන්ම ගෙනාව කිව්වොත් හරි.. මොකද මම දිදීව මතක් වෙන මතක් වෙන සැරේට වැලහින්නක් වගේ අඬන්න ගත්තා.. මාව සනසන්න බැරිම තැනයි එයා මාව ගෙදර ගෙනාවෙ.. අපි එන්න කිට්ටු කරල පොලිසියත් ඇවිල්ල හිටපු නිසා.. එයාල කිව්වෙ මරණ පරික්ෂණ කරල අනිද්ද විතර බොඩි එක අපිට බාර දෙනවා කියල..
"" බබා ඔයා ටිකක් නිදාගන්නකො දැන්..""
ගෙදර ආපු ගමන් එයාම මට වොශ් එකක් දම්මවල ඇදෙන් එයාම මාව පරිස්සමින් ඉන්දවල මට නිදාගන්නත් කියල එයා ටවල් එකත් අරන් බාතෘම් එකට යද්දි.. මම බලාගත්තු අත බලාගෙන හිටිය ඒත්.. විනාඩි පහක් ඔහේ ඉද්දි මගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආපු සද්දෙට මම ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අතට අරන් බලද්දි.. ඇවිත් තිබ්බෙ සිම් එකට කම්පැනියෙන් මැසේජ් එකක්.. ඒත් මම නොහිතපු විදිහට තවත් මැසේජ් එකක් ඇවිත් තිබ්බ අද උදේ 11 ට හරියටම..ඒ වෙන කාගෙන්වත් නෙමෙයි මගෙ දිදීගෙන්..
أنت تقرأ
⛓️HIDDEN MAN_🔫( Completed )
أدب الهواةලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳