තිස්දෙවනි කොටස

603 149 32
                                    

    📌️මෙය මාගේ හිතලුවක් පමනි.
  කරුණාකර මෙම කතා මාලාව copy
              කිරීමෙන් වළකින්න..

                            *
                            *
                            *

උදේ නැගිට්ට වෙලාවෙ ඉදන් මම මැශින් එකක් වගේ වැඩ කරන්නෙ ලියෝන් නැගිටින්න කලින්.. එයාගෙ ඇදුම් රෙඩි කරල කිචන් එකට දුවල ගිහින් කිරි එක හදන් හැමදාම වගේ එයා ලගට ආවෙ කට පුරා හිනාවකුත් එක්කමයි..

"" ලියෝන් නැගිටින්නකො අනේ..""

"" ම්ම්ම්ම්ම්...""

"" හුකු හුකු නෙමෙයි අනේ නැගිටින්නකො.. වැඩට යන්නත් පරක්කු වෙනවා දැන්..""

"" කි..ස්..එකක්..""

මුනින් අතට නිදාගෙන හිටපු එයා කෙදිරි ගගා මගෙ පැත්තට හැරිල මට අත් දෙකම දික් කරල කිස් එකක් ඉල්ලද්දි.. මගේ මූණම ලැජ්ජාවෙන් රතු වෙලා ගියා..

"" ඔය කිරි එක බීල එන්න කෑම කන්න..""

එයාගෙ බෝල කම්මුලකට විතරක් කිස් එකක් දීල මම රූම් එකෙන් එලියට දිව්වෙ.. එයා මාව අල්ල ගනී කියල හිතුන නිසා..

කිචන් එකට වෙලා තනියම හිනා වෙවී.. කෑම ටික ටේබල් එකෙන් තිබ්බෙ පඩිපෙල දිහාත් සැරෙන් සැරේට බලන අතර..

කෑම මේසෙම ඉදගෙන ෆෝන් එකෙන් ගේම් එකක් ගගහ හිටියෙ කම්මැලි කමටත් එක්ක..මොකද මම දන්නව ලියෝන් නාන්න ගියාම දියවෙන කන්ම නානව කියල..

"" බබා..""

"" මෝඩය මම හොදටම බය උනා..""

පිටි පස්සෙන් ආපු එයා මගෙ කනට පිබිද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පිටි පස්සෙන් ආපු එයා මගෙ කනට පිබිද්දි.. බය වෙලා පුටුවෙන් නැගිට්ට මම එයාට හොදට රවන්න ගත්තා..

"" කෑම කමුද සුදු හාවො දැන්..""

දගකාර හිනාවක් දාන් එයා පුටුවක් ඇදල ඉදගද්දි..එයා දිහා නොබල මම එයාගෙ ප්ලේට් එකට රයිස් බෙදල කරි ටිකත් එයාගෙන් අහලම බෙදල.. මටත් කෑම බෙදාගෙන කෑම කන්න ගත්තෙ එයා දිහා ඔලුවක් උස්සලවත් නොබලමයි..

⛓️HIDDEN MAN_🔫( Completed )Where stories live. Discover now