📌️මෙය මාගේ හිතලුවක් පමනි.
කරුණාකර මෙම කතා මාලාව copy
කිරීමෙන් වළකින්න..
*
*
*තමන් පන වගේ ආදරේ කරපු කෙනා.. තමන් කෑවද බිව්වද හොදින්ද කියල බලපු කෙනා.. හැම රෑකම එක ඇදක තුරුල් වෙලා නිදාගත්ත කෙනා මිනීමරුවෙක් කියල කවුරු හරි කිව්වොත් විශ්වාස කරන්න පුලුවන් ද..?
පාඩුවෙ රස්සාවක් කරන් උදේට ගිහිල්ල රෑට ගෙදර එන මිනිහ.. ආස කරන හැමදේම අරන් දෙන කෙනා.. රන්ඩු කරත් කිස් එකක් දීල හරි යාලු කරගන්න තමන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්.. සත්තු වගේ මිනිස්සු මරන කෙනෙක් කියල ජීවිතේට හිතන්න පුලුවන් ද.. ?
ඒත් අද මම නොහිතපු දේවල් දකින්න අහන්න ලැබෙද්දි මගේ බෝයිෆ්‍රෙන්ඩ් ගැන.. මොන වගේ හැගීමක්ද හිතට දැනෙන්නෙ කියල දන්නවද..? මගේම යාලුවත් මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ගැන වැරදි දේවල් ඔෆිස කියද්දි නිහඬව බලන් හිටිය විතරයි.. ඒ කියන්නෙ ලෝය කෙනෙක් උන එයත් මේ වගේ සිටුවේශන් එහෙකදි කට උත්තරත් නැහැ කියන එකනෙ..
මට එයා කාව මැරුවත් ප්‍රශ්නයක් නෑ.. මොකද ලියෝන් මෙහෙම වෙන්න හේතුවක් ඇති කියල මගෙ හිත කියනවා.. ඒත් ලියෝන්ගෙ අතින් මගෙ දිදීව නැති උනා.. මට මගේ පවුලෙ කියල කෙනෙක් හිටියෙ දිදී විතරයි.. ඉතින් එයාවත් මගෙන් උදුර ගත්තෙ ඔයානෙ ලියෝන්.. සමාවක් දෙන්න පුලුවන් දෙයක්ද ඔයා කරේ.. මම මගේ හිතත් එක්කම තරක් කරනමින් හිටියෙ..
බෙන්ච් එකේ ඉදන් මම බලා ගත්තු අත බලාගෙන හිටියෙ හරියට මළ මිනියක් වගේ..
"" මම දන්නව ඩොක්ටර්ට විශ්වාස නැතුව ඇති මේ අහන්න ලැබුන දේ ගැන.. ඒත් ඒක තමයි ඩොක්ටර් ඇත්ත.. මිනිමරුවො හතර දෙනෙක් නිසා මිනිස්සු ගොඩක් මැරුන.. ඒ විතරක්ද ඔයාගෙ දිදී වගේම යාලුවත් නැති උනා නේද.."".
ඔව් මට මගෙ යාලුවා ඩොක්ටර් ජේම්ස් නැති උනා.. ටිකක් හොදට හිතල බැලුවොත් ලියොන් ඒ හැම මරනයකගෙම පිටි පස්සෙ ඉන්නව කියල හිත කියනවා.. ඒත් ලියෝන්ට මම ආදරෙයි.. මම කොහොමද එයාව මිනිමරුවෙක් වගේ දකින්නෙ..
"" මම මොකද්ද කරන්න ඕන ඉතින්..""
මම ඔෆිස දිහාත් මින්හා දිහාත් බලන් හිටියෙ මලානික බැල්මකින්..
ESTÁS LEYENDO
⛓️HIDDEN MAN_🔫( Completed )
Fanficලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳