📌️මෙය මාගේ හිතලුවක් පමනි.
කරුණාකර මෙම කතා මාලාව copy කිරීමෙන් වළකින්න..*
*
*රෑ තියෙන දෙයක් කාල නිදාගත්තෙ දහයත් පහු වෙලා.. හීන ලෝකෙක පැය ගානක් යනකන් අතරමන් වෙලා හිටපු මම නැගිටිද්දි උදේ නවයයි.. අද ඉතින් මට නිවාඩු දිනයක්.. ඇස් දෙක අතින් පොඩි කර කර රින්ග් වෙන ෆෝන් එක ආන්සර් කරේ උදේම මගෙ වදකාර දිදී කතා කරන්නෙ කියල ස්ක්‍රීන් එකේ දැක්ක නිසයි..
"" හලෝ ගගා..""
"" ම්ම්.. ගුඩ්මෝනින් දිදී..""
"" ගුඩ්මෝනින් ගගා.. තමුසෙ තවම නිදිද.."'
"" හ්ම් ඔව්..""
"" ගගා මම හෙට එන්නම් ඔයාව බලන්න..""
"" පිස්සු..ද ආහ්.. දිදී තමුසෙ ආවොත් මෙහෙ කකුල් දෙක කඩනවා මම.. ඔය එග්සෑම් ඔක්කොම ඉවර උනාම.. මම ඔයාව මෙහෙට ගන්නම් දිදී.. එතකන් හදිසි වෙන්න එපා..""
"" මට පාලුයි ගගා..""
"" හ්ම් මටත්..""
"" මාව ඉක්මනට ගන්නවනේ ගගා.. මට තමුසෙ නැතුව නින්ද යන්නෙත් නෑනෙ..""
"" ගන්නවා ගන්නවා බය නොවී ඉන්නකො දිදී.. ""
"" හ්ම් ගගාට අද නිවාඩුනේ..""
"" ඔව් අද ඇවිදින්නවත් යන්න ඕන එලියට..""
"" අහ් හරි ගගා.. එහෙනම් මම පස්සෙ කෝල් එකක් ගන්නම්.. මට ක්ලාස් එකක් තියෙනවා දැන්..""
"" හ්ම් පරිස්සමින් වැඩ කරගන්න දිදී..""
ෆෝන් එක කට් කරපු මම මූණ ගහගත්තෙ කොට්ටෙ..
දිදීට මම නැතුව පාලුයි කියල දන්නවා.. අම්මයි තාත්තයි නැති වෙච්ච දා ඉදල දිදී රෑට හීනෙන් බය වෙලා දුවගෙන එන්නෙ මගේ කාමරේට.. ඊට පස්සෙ මාව බදාගෙන එයා නිදාගන්නෙ.. මට එයාට කෑම කවන්නත් වෙන දවසුත් තියෙනවා.. ඒ විතරක්ද මේ කොල්ලගෙ රෙදි හෝදන්නෙත් මම.. අතට පයට ඔක්කොම බඩු දෙන්නෙ මම.. ඉතින් මම නැතුව එයාට තනිකමක් දැනෙනවා ඇති..
මටත් දිදී නැතුව ඉන්න බෑ.. එයාව මතක් වෙනවා.. එයාගෙ කටහඬ අහන්නෙ නැතුව එක දවසක් ඉන්න බෑ මට.. මේක තමයි අපේ සහෝදර බැදීම.. අපි දෙන්නට දෙන්න පුදුමා කාර විදිහට ආදරෙයි.. සමහර විට හැම ආත්මෙකම දිදී මගේම සහෝදරයෙක් හරි පුතෙක් හරි වෙලා ඉන්න ඇති..
YOU ARE READING
⛓️HIDDEN MAN_🔫( Completed )
Fanfictionලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳