📌️මෙය මාගේ හිතලුවක් පමනි.
කරුණාකර මෙම කතා මාලාව copy
කිරීමෙන් වළකින්න..*
*
*උදේම නැගිටල මම පල්ලෙහාට ආවේ kiss from a rose song එකත් ප්ලේ වෙන්න දාල..කෙලින්ම කිචන් එකට ආවේ කිරි එක රත් වෙන්න තියන්න.. අපි දෙන්නගෙම මග් දෙක හෝදල මම කිචන් එකේ ජනේලෙ ඇරල දාල පාර දිහා බලාගෙන හිටියෙ බර කල්පනාවක ඉන්න අතර..
"" මොනවද වස්තුව කල්පනා කරන්නෙ..""
මගෙ පිටි පස්සෙන් ආපු ලියෝන් මගෙ උරහිසට නිකට තියන් හිටියෙ මගෙ බාහු වලින් අල්ලගෙන..
"" ඩොක්ටර් ජේම්ස් ගැන හිතුවෙ..""
"" ඇයි මොකද්ද ප්‍රශ්නෙ සීන්..""
"" හෙට ඩොක්ටර් ජේම්ස්ගෙ ෆියුනරල් එකට යන්න තියෙනවා..""
"" ඉතින්..""
"" මට ඇත්තටම දුකයි ලියෝන්.. ඩොක්ටර් ජේම්ස් කියන්නෙ හිත හොද මනුස්සයෙක්.. එයාව මරන්න තරම් කරපු වරද මොකද්ද කියල මට තේරෙන් නෑ.. තවම පොලීසියටවත් බැරි උනානෙ මේ මිනිමරුවව අල්ල ගන්න..""
මාව අතෑරපු ලියෝන් ජනේලෙ ගාවටම ගිහින් එලිය බලාගෙන ඉද්දි.. මම ලිපේ තිබ්බ කිරි එක ජොග්ගුවකට දැම්මේ එයා දිහා හොරෙන් බලන ගමන්..
"" ඔයා ජේම්ස්ව පොඩි කාලෙ ඉදන් දන්නෙ නෑනෙ සීන්.. එයාගෙ මොනා හරි වැරදි ඇති.. සමහර විට මෑතකදි එයාගෙ අතින් මොනා හරි වැරැද්දක් වෙන්න ඇති.. ඒ හින්ද ඔයා දුක් වෙලා වැඩක් නෑ සීන්.. වෙච්ච දේවල් දරා ගන්න පුලුවන් වෙන්න ඕන..""
"" ඔයා කොහොමද ලියෝන් මනුස්සයෙක්ගෙ හිතක් තේරුම් ගන්නෙ.. ඔයා අම්මෙක් තාත්තෙක්වත් නැතුව හැදුනෙ.. ඉතින් ඔයාට අනිත් අයගෙ හැගීම් තේරුම් ගන්න බෑ කොහොමත්..""
හිතල නොකියපු වචන නිසා හිත රිද්ද ගත්ත ලියෝන් මන් දිහා බලන් හිටියෙ උණුම උණු කිරි එක ඔලුවෙ ඉදන් හලන්න වගේ බැල්මකින්..
"" අනේ ලියෝන් මට සමා...""
මගෙන් එක වචනයක් වත් නාහපු එයා සාලෙට යන්න යද්දි.. මම කදුළු පිරි දෙනෙතින් එයා යන දිහා බලන් හිටියෙ..
YOU ARE READING
⛓️HIDDEN MAN_🔫( Completed )
Fanfictionලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳