විසිහයවෙනි කොටස

666 161 47
                                    

     📌️මෙය මාගේ හිතලුවක් පමනි.
   කරුණාකර මෙම කතා මාලාව copy
               කිරීමෙන් වළකින්න..

                              *
                              *
                              *

~ මාසයකට පසු ~

මම ලියෝන් එක්ක අපේ කුරුලු කූඩුවෙ දැන් මාසෙකටත් වැඩි කාලයක ඉදල එකට ඉන්නෙ...ඒ විතරක්ද මගේ ජීවිතේත් පොඩි පොඩි වෙනස් කම් වගයකුත් උනා..

මම මගේ ලකඩම් බයික් එක කෑලි වලට වික්කා.. මොකද ඒකෙ පර බල්ලෙක් ටයර් එකක් ගලවගෙන ගිය දවසෙම මම හිතින් මගෙ බයික් එක අතෑරපු නිසා..මාව දැන් හොස්පිටල් එකට ගිහින් දාන්නෙ මගෙ ඕනර් කුමාරයා..එයත් එක්ක ජෝඩු දාල ගිහින්.. කෙල්ලො ඉස්සරහ එයාගෙ කම්මුලක් කිස් කරල බයික් එකෙන් බැහැල ලොකු කමින් යන්න තියෙනවා කියන්නේ..

මට හරිම ආඩම්බරයි ඉතින්.. මොකද මට ඉන්නෙ ලස්සනම ලස්සන කොල්ලෙක්නෙ.. ලියෝන් එක්ක ඉද්දි ඇත්තටම මම ඉස්සරට වඩා හිනා වෙලා සතුටින් ඉන්නෙ.. එයාට පුංචි පුංචි දේවල් වලට ඩෝං යනව තමයි.. ඒක වෙනම කතාවක්..ඒත් ඒක කුකුළ් කේන්තියක් විතරයි..

මම ආසම එයාට කේන්ති ගිහින් ඉන්න වෙලාවට නහය හපල ලිප් කිස් කරන්න.. එයා එවෙලට ඇත්තටම සන්සුන් වෙනවා.. ඒ විතරක්ද එයාගෙ හිනාව.. හාව හඳ දකිනවා වගේ තමයි මට එයාගෙ හිනාව දකින්න ලැබෙන්න.. එවෙලට මම එයාගෙ බෙල්ල බදාගෙන ඉන්නවා..ඒ මගේ හිතට දැනෙන සතුට නිසා..මොකද මම කැමතිම එයා ඔරවන් ඉන්නවට වඩා ඒ හිනාවටයි..

"" සීන්........""

රෙදි හෝද හෝද හිටපු මට ඇහුනෙ ලියෝන් මගෙ නම කියල කෑ ගහන සද්දෙ..

"" ඇයි බබා...""

"" ඉක්මනට වරෙන් එලියට.. මට වැඩට යන්නත් පරක්කු වෙනවා දැන්..""

බිම ඉදගෙන රෙදි අතුල්ල අතුල්ල හිටපු මම බය වෙලා පස්ස බිම ඇන ගත්තෙ පිටි පස්සෙන් ඇහුන එයාගෙ කටහඬ නිසා..

"" මෝඩය මම හොදටම බය උනා..""

එයාගෙ මූණට වතුර පාරක් ගහපු මම මූණත් අකුලගෙන අතේ තිබ්බ රෙද්දත් බාල්දියට දමල ගහද්දි.. එයා මූණෙ විසිරුණු වතුර එක අතකින් පිහිදගෙන මන් ලගට ආවේ කට කොනින් හිනා වේගෙනයි..

⛓️HIDDEN MAN_🔫( Completed )Where stories live. Discover now