දොළොස්වෙනි කොටස

920 183 75
                                    

     📌️මෙය මාගේ හිතලුවක් පමනි.
    කරුණාකර මෙම කතා මාලාව copy
              කිරීමෙන් වළකින්න..

                             *
                             *
                             *

"" ඩොක්ටර් සීන් දැන් කොහොමද ඔයාට..""

කොරිඩෝ එක දිගේ වෙන කල්පනාවක ආපු මගෙ ඉස්සරහට ආවෙ හේලි..

"" ආහ් දැන් නම් හොදයි..""

"" ඩොක්ටර් නැතුව හොස්පිටල් එකම පාලුවට ගිහින් තිබ්බෙ..""

ඔන්න ඔන්න ඉතින් උදේ පාන්දරම පොළොව දෙබෑවෙන බොරු කියනවනෙ.. වෙනදට මම උන්නද මළාද කියලවත් නොබලන මුන්ට මාව මතක් වෙලා පුහ්..

"" අනේ ඇත්තට.. දැන් ඉතින් මම ආවනෙ.. ""

"" මේ ඊයෙ ඩොක්ටර්ව හොයාගෙන ඔෆිස ඊශෙන් ආවා..""

"" ආහ් මොනාහරි ඔයාට කිව්වද.. ""

"" මුකුත් කිව්වෙ නම් නෑ.. ඒත් ඩොක්ටර්ගෙ ෆෝන් නම්බර් එක අරන් ගියෙ..""

"" ආහ් එහෙනම් මට කෝල් කරයිනෙ..""

හේලි ඔලුව වනද්දි.. මම කල්පනා කරේ ඒ පාර ඔෆිස මොනාද මගෙන් අහන්න හදන්නෙ කියල..

"" මම යන්නම් හේලි එහෙනම්..""

"" හරි ඩොක්ටර්..""

මම හීනියට හිනාවෙලා එතනින් යන්න යද්දිත්.. මට තේරුනා හේලි මන් දිහාමයි බලන් ඉන්නෙ කියල.. "" එන පොට නම් එච්චර හොද නෑ වගේ..""

________________________________________

"" උබ මොනාද මෙතනට වෙලා කරන්නෙ..""

රෑ හතට වැඩ ඇරිල ගෙදර එන ගමන් හිටපු මම ඈත තියා දැක්කෙ ගේ ලග හිටන් ඉන්න මින්හාව.. බයික් එක ඒකිගෙ කාර් එක ලගින්ම නවත්තපු මන් දිහා ඒකි බලන් හිටියෙ දත් තිස් දෙක එලියට දාගෙන..

"" උබව බලන්න එන්න බැරිද මට..""

"" උබ ආව මව බලන්න.. අනේ පලයන් යන්න.. මම දන්නවා උබ ආවෙ අර පිසාචයව බලන්න කියල..""

"" මේ ඇත්තටම එයා ගෙදර නැද්ද බං..""

එක පාරට අතේ එල්ලුන මින්හා හුරතල් විදිහට මගෙන් එහෙම අහද්දි.. මම ඒකිව අමුවෙන් කනවද බැදල කනවද කියල බැලුවෙ උඩ ඉදන් පල්ලෙහාට..

⛓️HIDDEN MAN_🔫( Completed )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ