දහතුන්වෙනි කොටස

895 190 77
                                    

      📌️මෙය මාගේ හිතලුවක් පමනි.
     කරුණාකර මෙම කතා මාලාව copy                   කිරීමෙන් වළකින්න..
     
                                 *
                                 *
                                 *

ඔෆිසත් එක්ක කතා කරපු වෙලාවෙ ඉදන් මම හිටියෙ දවසම මූඩ් ගහල.. ඔලුවත් කැක්කුම අරගන්න ගත්ත හන්ද වැඩ කරන්නත් බැරි උනා වෙලාවට.. රෑ අටත් පහු වෙලා සමහරු වැඩ ඉවර වෙලා ගෙවල් වලට යද්දි.. මම තවමත් ටේබල් එකට ඔලුව තියාගෙන හිටියෙ ගෙදර යන්නත් තිබ්බ කම්මැලි කමට..

"" හයියෝ දැන් ඉතින් නාන්න වෙන්නෙ මට..""

අහසින් දිස් උනු එලියකින් මගේ රූම් එකම වැහිල යද්දි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

අහසින් දිස් උනු එලියකින් මගේ රූම් එකම වැහිල යද්දි.. වැස්ස අත ලග කියල ඉගි කරන අහස දිහා ජනේලෙ ලගට ගිහින් බලපු මම.. ටේබල් එක උඩ තිබ්බ මගෙ බෑග් එකත් අරගෙන රූම් එක ලොක් කරන් ගියෙ පල්ලෙහාට..

බයික් එකට නැග්ග මම හීයක වේගෙන් හොස්පිටල් එක ලගින් යන්න යද්දි.. මගේ කරුමෙ තරම කොහොමද කියනවනම් වැඩි දුරක් යන්නවත් මට ලැබුන් නෑ.. ""කෙලියනෙ..""

අතුරු පාරකදි බයික් එක හොස් ගාල නැවතුනේ මම වැටෙන් නැතුව බේරිලා..

බයික් එකෙන් බැස්ස මම ටයර් චෙක් කරල පෙට්‍රල් තියෙනවද කියල බැලුවෙ සැකේට.. "" මොන මගුලක්ද මේ බඩ කඩිත්තුවට උනේ.."" ඉනට අත් දෙක තියාගෙන එහෙට මෙහෙට කැරකි කැරකි හිටපු මම.. බයික් එකත් තල්ලු කරගෙන ගියෙ පාර අයින දිගේ..

""ඇති යන්තන්..""

අඩි ගානක් ඈතින් ගරාජ් එකක් පෙනෙද්දි.. මගෙ මූණට ඉබේටම ආවෙ හිනාවක්..

නිව් යෝර්ක් ඉන්න කාලෙ එක පාරක් විතරක් බයික් එක ලෙඩ දුන්නත්.. ලගකදි ඉදල නිතර නිතරම බයික් එක කැඩෙන නිසා.. මගෙ මුලු දවසම මූසල වෙලා යන දවසුත් නොතිබ්බාම නෙමෙයි..

⛓️HIDDEN MAN_🔫( Completed )Donde viven las historias. Descúbrelo ahora