📌️මෙය මාගේ හිතලුවක් පමනි.
කරුණාකර මෙම කතා මාලාව copy
කිරීමෙන් වළකින්න..*
*
*විවේකයක් නැතුව එක දිගට වැඩ කරන මම නිතර ලෙඩ වෙන එක සාමාන්‍ය දෙයක් මගෙ දිදීට නම්.. මට උණ හෙම්බිරිස්සාව කැස්ස මොනව හැදුනත් එයා අනිත් හැම වෙලාවකම බබෙක් වගේ හැසිරුනත් මට කරදරයක් නම් එයා එවෙලට අම්මෙක් වගේ තමයි මාව බලා ගන්නෙ.. එවෙලෙට දිදී ගැන ඇති වෙන ආදරය වචනෙන් කියන්න බෑ.. අපි දෙන්න මේ ජීවිතේ මෙහෙම ගැට ගහන් ආවෙ ඔය විදිහට..
මට මතක අන්තිමට මම එයාගෙ අත් දෙක උඩට කඩන් වැටෙනවා විතරයි.. අමාරුවෙන් ඇස් ඇරපු මගෙ ඇස් නලලට ගියෙ දැක්ක දෙයින්..
"" මෙයා මෙතනද නිදාගෙන තියෙන්නෙ..""
පුටුවෙ පැත්තකට ඔලුව බර කරන් පපුව උඩට අත් දෙක තියාගෙන ඇස් පියාගෙන නිදන් ඉන්න එයා දිහා මම බලන් හිටියෙ හරියට භාවනා කරනවා වගේ..
"" දැන් ලෙඩ හොඳද..""
"" ආහ්...නි...දි.. නැද්ද..""
ඇස් පියාගෙනම එයා කතා කරද්දි.. එයාට නෝන්ඩි උන නිසා ලැජ්ජාවෙන් හිටපු මට හිතුනෙම ඇඳෙන් පැනල දුවන්න..
"" නිදාගන්නෙ කොහොමද මන් දිහා හාවෙක් බලාගෙන ඉද්දි..""
"" මොක..ක්..හාවෙක්..""
එක පාරට පුටුවෙන් නැගිට්ට එයා මගෙ ලගට ආවෙ හීයක වේගෙන්.. මූණෙ ගෑවි නොගෑවී ලන් උන එයාගෙ හුස්ම ගන්න වේගෙ මට පෙනෙද්දි මගෙ ඇගම හිරි වැටිල ගියා..
"" ඔව් කිරි හාවෙක්..""
එයාගෙ ඇස් මගෙ මූණෙ හැම අංගයක් පුරාම යද්දි.. එයාගෙන් ඈත් උන මම අහක බලා ගත්තෙ.. එයත් මුකුත් නොවුන ගානට පුටුවෙන් ඉද ගනිද්දි..
"" ලෙඩෙක්ටවත් ඉන්න දෙන්නෙ නෑ..""
මම එයාට රව රව ඉද්දි.. එයා නෙමෙයි මාව සතේකට ගනන් ගත්තෙ..
"" දැන් උණ හොදයි වගේ..""
"" හ්ම් ඔව්..""
"" ඒක නෙමෙයි ඔයා කරන ජොබ් එක මොකද්ද.. උණ ගන්න කන් වැඩ කරන්නෙ මොන වගේ ජොබ් එකකද කියල අපිත් දැන ගන්න එපැයි..""
YOU ARE READING
⛓️HIDDEN MAN_🔫( Completed )
Fanfictionලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳