විසිපස්වෙනි කොටස

701 151 46
                                    

    📌️මෙය මාගේ හිතලුවක් පමනි.
  කරුණාකර මෙම කතා මාලාව copy
               කිරීමෙන් වළකින්න..

                              *
                              *
                              *

පණ්ඩිත කමට බාතෲම් එකට ආවට.. පස්සෙ මතක් උනේ කණ්ණාඩි කුට්ටම එයා ලග නේද කියල.. රත්තරන් වටින කණ්නාඩි දෙක නැතුව මට කිසි වැඩක් කර ගන්නත් බෑනෙ..ඉක්මනට නාගෙන එළියට ආවේ එයාගෙන් මගෙ රත්තරන් වටින වස්තුව ඉල්ල ගන්න..

"" ආව්.. කකුල..""

පොට්ටය වගේ ගිහින් කකුල ඇදේ වද්ද ගත්තෙ එලෝ පොල් පේන්න.. කකුලත් අත ගගා wardrobe එකෙන් එයාගෙ ශර්ට් එකක් විතරක් ඇද ගත්ත මම කාමරෙන් එලියට ගියෙ බිත්තිය අතගගා බල බල..

"" මේ මනුස්සය කොහෙ අතුරු දහන් උනාද මන්ද..""

පඩිපෙල බහිද්දි මට ඇහුනෙ ලියෝන්ගෙ කට හඬ සාලෙ දොර ලගින්..

"" උබ කරන දේවල් වලින් අපේ බෙල්ලයි ගහල යන්නෙ මචං..""

""................................""

"" හරි හරි මේ මම පස්සෙ කෝල් එකක් ගන්නම්..""

මාව දැක්ක එයා කාත් එක්කද මන්ද කතා කර කර හිටියත් කියන්න තිබ්බ හැමදේම ගිලගෙන ෆෝන් එක කට් කරල මන් දිහාට එනව විතරයි පෙවුනෙ මට..

"" ලියෝන් මගෙ කණ්ණාඩි දෙක..""

වචනයක් නොකියපු එයා මගෙ අත අරගෙන කණ්ණාඩි කුට්ටම තියද්දි.. මම ඉක්මනට ඒක දාගෙන එයා දිහා බැලුවෙ රවල..

"" මොකද දැන් මෙහෙම ඉන්නෙ..""

"" ඇයි මොකද්ද ආ..""

කට කොනින් හිනා උන එයා මගෙ උඩ ඉදන් පල්ලෙහාට බලල.. එයා ඇදන් ඉන්න ශර්ට් එකේ බොත්තමින් බොත්තම ගැලෙව්වෙ මන් ලගට අඩියෙන් අඩිය ලන් වෙන ගමන්..

""ආහ්හ්..""

එයා ශර්ට් එක ගලවල කරට දාගෙන මාව උස්සල අර ගත්තෙ නොහිතපු විදිහට.. මට ඉබේටම කෑ ගැහෙද්දි.. කිසි දෙයක් ගානකට නොගත් එයා මාවත් උස්සගෙන පඩිපෙල නැග්ග..

"" ලියෝන්..""

මාව ඇදෙන් දාපු එයා ශර්ට් එකත් රැක්කෙකට දාල යන්න යද්දි බාතෲම් එකට මම එක පාරටම එයාගෙ අතින් ඇල්ලුවෙ.. එයාට කියන්න ගොඩක් දේවල් මගේ හිතේ තිබ්බ නිසා..

⛓️HIDDEN MAN_🔫( Completed )Donde viven las historias. Descúbrelo ahora