විසිඅටවෙනි කොටස

679 145 56
                                    

    📌️මෙය මාගේ හිතලුවක් පමනි.
   කරුණාකර මෙම කතා මාලාව copy
                කිරීමෙන් වළකින්න..

                               *
                               *
                               *

අම්මයි තාත්තයි නැති උනයෙන් පස්සෙ මමයි දිදීයි බර්ත්ඩේ එකක් සමරල නෑ.. මොකද අපි දෙන්නටම කිසිම සතුටක් තිබ්බෙ නැති නිසා.. මම පොඩි කාලෙ අම්ම මගේ හැම උපන්දිනයකටම විශේශයෙන්ම කේක් එකක් නෙමෙයි දෙක තුනක් හදනවා.. ඒ විතරක්ද එයා හතර වටේ මිනිසුන්ට බෙදනවා.. තාත්තා මගේ උපන්දිනේට තෑගි ගොඩක් ගේනවා.. එයාල මාව සතුටු කරන්න මම කැමතිම තැනකට ගෙනියනවා..

ඒ කාලේ ගොඩක් සුන්දරයි ඇත්තටම.. ඒත් අද මගේ 24 වෙනි උපන්දිනය දවසෙ මාව සප්ප්‍රායිස් කරේ මගේ පන.. අද දවස ගැන මටවත් මතකයක් නැතිව තියෙද්දි.. එයා හැමදේම මතක තියාගෙන අද දවස මට ස්පෙෂල් කරා..

එයාගෙ යාලුවොත් ගොඩක් හොද අය..එයාල ලියෝන්ට වගේම මටත් ගොඩක් ආදරේ කරා.. ඒක අද තමයි හොදටම දැනුනෙ මට..ඉතින් අද මම වෙනදටත් වැඩිය සතුටින්.. මොකද මට දැන් මගේ කියන අය ගොඩක් ඉන්න නිසා..

මමයි ලියෝනුයි එයාගෙ යාලුවො එක්ක පාන්දර වෙනකන් ගොඩක් විනෝද උනා..  එක එක කෑම ජාතිත් කෑව ඇති වෙනකන්.. හනෙ අම්මේ දැන් මට හුස්ම ගන්නවත් බෑ.. ඒ ඇයි කියල බලනවා ඇති ඔයාල.. මොකද මගෙ මෝඩ ඕනරය සැපට දැන් පැයක වෙලාවක ඉදල නිදාගෙන ඉන්නෙ මගේ උකුල උඩ නිසා.. ම්හ්ක් බඩ පැලෙන්න කෑම කාපු නිසා මගෙ බඩ ඉස්සරහට නෙරල තිබ්බෙ.. ඉතින් මෙයාගෙ ඔලුව මගේ බඩටනෙ අප්ප තද වෙලා තියෙන්නෙ..

"" මචං නැගිටපන් යකෝ..""

මගෙ උකුල උඩ නිදාගෙන ඉන්න ලියෝන්ගෙ පස්සට පයින් එකක් ගහල කෑ ගැහුවෙ යැන්ග්..

"" ම්ම්ම්..""

"" හුකු හුකු නෙමෙයි නැගිටපන් ඔය කොල්ලගෙ කකුල් දෙකත් දිය වෙලා යනවා උබේ වැඩ නිසා..""

නිදි ගැට කඩ කඩ ලියෝන් නැගිටල මන් දිහා බලල ආයෙ යැන්ග් දිහා බැලුවෙ කන්න වගේ..

"" ඇයි දැන් මොකද්ද ප්‍රශ්නෙ..""

"" ඈ යකෝ උබල දෙන්න ගෙදර යන් නැද්ද.. දැන් වෙලාව බලපන්කො..""

⛓️HIDDEN MAN_🔫( Completed )Où les histoires vivent. Découvrez maintenant