විසිහත්වෙනි කොටස

655 155 43
                                    

    📌️මෙය මාගේ හිතලුවක් පමනි.
  කරුණාකර මෙම කතා මාලාව copy
               කිරීමෙන් වළකින්න..

                              *
                              *
                              *

උදේ වැඩක් තියෙනවා කියපු ලියෝන් ගෙදරින් ගිය වෙලාවෙ ඉදන්.. මම හිටියෙ ගොඩක් පාලුවෙන්..නිකන් ඔහේ ඉන්න බැරි කමට.. ගේ අතු ගාල මොප් කරල කාමරෙන් කාමරෙ අස් කරල.. ටොයිලට් එකේ ඉදන් පිරිසිදු කරල.. අන්තිමට ෆ්‍රිජ් එකත් හෝදල කිචන් එකත් ක්ලීන් කරලම මමත් නාගෙන ඇදුමක් දාන් පල්ලෙහාට ආවේ ඇපල් ජූස් එකක් හදන්න හිතාගෙන..

ටිං ටොං

ගෙදර බෙල් එක වදිද්දි.. මම එහෙම්ම ගියෙ දොර අරින්න..

"" ආහ් ඔෆිස.. එන්න එන්න ඇතුලට..""

හීනියට හිනාවේගෙන ගෙට ගොඩ උන ඔෆිස සෝෆා එකෙන් ඉද ගත්තෙ ඔලුවෙ තිබ්බ කැප් එකත් පැත්තකින් තියන අතර..

"" මේක ගන්න ඩොක්ටර්..""

අතේ තිබ්බ ලොකු බෑග් එක අතට ඔෆිස මට දෙද්දි.. මමත් එපා නොකිය අතට අරන් ටේබල් එක උඩින් තියල එයා ඉස්සරහම සෝෆාවෙන් ඉද ගත්තෙ.. ෆෝන් එකෙන් වෙලාවත් බලන ගමන්..

"" ඔෆිසට අමාරු උන් නෑනෙ තැන හොයා ගන්න..""

"" අපෝ නෑ..""

ගේ වටේම ඇස් යවන ගමන් මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ ඔෆිස..

"" ඩොක්ටර් විතරද මේ ගෙදර ඉන්නෙ..""

"" නෑ තව එක්කෙනෙක් ඉන්නවා..""

"" ආහ් එහෙමද.. කෝ එයා නැද්ද අද..""

"" වැඩක් තියෙනවා කියල ගියා උදේ..""

"" ආහ්...""

එතනින් පස්සෙ මමයි ඔෆිසයි වෙන වෙන වැල් වටාරන් කතා කර කර හිටිය පැයක් විතර..පස්සෙ මම හදන්න හිටපු ඇපල් ජූස් එකත් හදාගෙන ඇවිත් ඔෆිසට ඇල්ලුවා..

"" ඩොක්ටර් මෙහෙ ඔයාට කවුරුත්ම නැද්ද සැක කරන්න පුලුවන් කෙනෙක්..""

"" හ්ම්.. නැත්තෙමත් නෑ.. මොකද අපේ ලේන් එක පටන් ගන්න තැනම තියෙන ගෙදරට ගිය මාසෙ අග වගේ කොල්ලෙක් ආවා.. එයා ගැන අමුතු අමුතු කතා මට අල්ලපු ගෙදර ආන්ටි කියල තිබ්බා..""

⛓️HIDDEN MAN_🔫( Completed )Donde viven las historias. Descúbrelo ahora