📌️මෙය මාගේ හිතලුවක් පමනි.
කරුණාකර මෙම කතා මාලාව copy
කිරීමෙන් වළකින්න..*
*
*"" ආශ් අහකට යන්න..""
මගේ ඇගේ එල්ලිලා හිටපු එයාව මම තල්ලු කරල දැම්මෙ කේන්ති ගිහින් කෑ ගහන අතර..
"" ඇයි මොකද්ද වැරැද්ද..""
"" මම කොලු කාරයෙක් නෙමෙයි මනුස්සයො.. මට මගෙ පාඩුවෙ ඉන්න දෙනවා..""
"" පාඩුවෙ ඉන්න පුලුවන් කියල සුවර්ද..""
"" ඔව්.. ඇයි මම ඔයාගෙ ඇගේ එල්ලෙන්න ආවෙ නෑනෙ කූඩැල්ලෙක් වගේ..""
කට කොනින් හිනා උන එයා ඔලුව දෙපැත්තට වනල කලිස්ම් සාක්කුවට අත් දෙක දාන් මන් දිහා බලන් හිටියෙ හරියට මූවි එකක් දිහා බලන් ඉන්නවා වගේ..
"" අනික මම ඩොක්ටර් කෙනෙක් හරිද.. ඔයාට මොනාම හරි ඇගේ පතේ අමාරුවක් තිබ්බ නම් මට බෙහෙත් කරන්න තිබ්බ.. ඒත් ඔයාගෙ ඔය අමාරුවට නම් මන් ලග බෙහෙත් නෑ..""
"" ඇත්තටම නැද්ද..""
මගෙ උඩ ඉදන් පල්ලෙහාට එයා බලල තොල කට දිවෙන් තෙත් කරද්දී.. මගෙ බඩත් එක්ක කොර උනා මේ මිනිහගෙ වනචර කම දැකල..
"" චික් ඔය වගේ වලත්ත විදිහට මන් දිහා බලන්න එපා..""
ටේබල් එක උඩ තිබ්බ සර්වියට් එකෙන් එයාගෙ මූණට දමල ගහපු මම එයාවත් තල්ලු කරගෙන එතනින් යන්න ගියා..
"" වලත්ත ඕනරයා..""
________________________________________
ඊයෙ රෑ මම කන්නවත් පල්ලෙහාට බැස්සෙ නැත්තෙ ඕනර් කාරයගෙන් බේරුමක් නැති හන්ද.. බඩේ පනුවො බොක්සින් නෙවේ මොනා ගැහුවත් හිත හදාගෙන නිදා ගත්ත මම උදේ හයට නැගිටල ලෑස්ති වෙලා ඕනර් පිසාචයට කලින්ම එලියට පැන ගත්තා.. මගෙ බයික් බබා නිසා ඉක්මනට මට හොස්පිටල් එකට එන්න පුලුවන් උන නිසා වෙනදට වගේ මහන්සියක් දැනුන් නෑ..හැබැයි බඩගින්න නම් තිබ්බ යකෙක් කන්න තරම්..
"" දරුවො""
"" මොකද්ද ප්‍රශ්නෙ අම්මෙ..""
"" මට දැන ගන්න පුලුවන් ද 24 වෙනි වෝඩ් එක කොහෙද තියෙන්නෙ කියල..""
YOU ARE READING
⛓️HIDDEN MAN_🔫( Completed )
Fanfictionලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳