📌️මෙය මාගේ හිතලුවක් පමනි.
කරුණාකර මෙම කතා මාලාව copy කිරීමෙන් වළකින්න..*
*
*"" තමුන් රූල්ස් කැඩුව අද..""
ගෙට ඇතුල් වෙච්ච මගෙ කකුල් එක තැන නතර උනේ ඕනර් කාරයගෙ කෑ ගැහිල්ලට..
"" මොක..ක්ද..""
ජනේලෙ ලග හිටගෙන එයා මන් දිහා එක එල්ලේ බලන් හිටියෙ වෙනද වගේ නෙමෙයි.. අද තනිකරම පිසාච වර්ශන් එකෙන්මයි හිටියෙ..
"" මම රූල්ස් ටිකක් කිව්ව මතකද..""
"" ඔ..ව්..""
මම කියපු දේට කට කොනින් හිනා උන එයා අහක බලාගෙන ලොකු හුස්මක් අරන් පිට කරල මන් ලගට ඇවිත් හිට ගත්තම.. ලැජ්ජ වෙන් නෑ කියන්න මට කලිසමේ චූයන්නත් ආවා..
"" මතකයි කියල ශුවර්ද..""
"" ඇයි මම මොකද්ද කරපු වරද..""
"" අයිසේ මම එදා කිව්ව මේ ගෙදරට එක එකාව ගේන්න එපා කියල.. බලනවා තමුන් මේ ගෙදරට ඇවිත් ඕන්නම් සති දෙකක් ඇති.. ඒත් මගෙන් අහන්නෙත් නැතුව කෙල්ලො මේකෙ අස්සෙ ගේන්න අවසර දුන්නෙ කවුද.. තමුන් හිතුවද මේක හොටෙල් එකක් කියල.. හිතූ හිතූ වෙලාවට කොහෙවත් යන උන් උස්සන් එන්න..""
මූණ රතු කරගෙන නහර පුප්පගෙන එයා මට ඇගිල්ලක් දික් කර කර කෑ ගහද්දි.. මම ටිකක් පිටි පස්සට බර වෙලා පපුව අල්ලන් හිටියෙ මේ කෑ ගහන කෑගැහිල්ලට මට හාට් එයිදෝ කියන බයට..
"" ඇත්තටම ඒ මගේ හොදම යාලුවා ආවෙ.. එයාට මම එන්න කිව්වෙ නෑ මෙහෙට.. එයයි හොයාගෙන ඇවිත් තියෙන්නෙ.. මගෙ අතින් වරදක් උනා නම් සමාවෙන්න ඕන..""
මම බිම බලාගෙන උත්තර දුන්නෙ එක හුස්මට.. එයාගෙ මූණ බලන්න ඕන කමක් නෑ.. මොකද මමනෙ ඔය කියන විදිහට වරද කරල තියෙන්නෙ.. ඉතින් එයාගෙ රූල්ස් කැඩුවනම් සමාව ගන්න මම දෙපාරක් හිතන්නෙ නෑ කොහොමත්..
"" හරි අද වෙච්ච දේ ආයෙත් මේ ගෙදර වෙන්න බෑ..""
වෝනින් එකක් දුන්න එයා කිචන් එකට යද්දි.. ගෙට ගොඩ උන ගමන් කන පිරෙන්න බැනුම් අහපු මාත් පඩි පෙල නැග්ගෙ එයා කියපු වචනයක් ගානෙ මතක් කරන ගමන්..
ESTÁS LEYENDO
⛓️HIDDEN MAN_🔫( Completed )
Fanficලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳