📌️මෙය මාගේ හිතලුවක් පමනි.. කරුණාකර මෙම කතා මාලාව copy
කිරීමෙන් වළකින්න..*
*
*"" california ප්‍රාන්තයේ ලගූනා මුහුදු වෙරළ අසල තවත් නාදුනන මළ සිරුරක් අද පෙරවරු 5:30 ට සොයාගෙන තිබෙනවා.. ඒ අනුව මෙම මරණය ඝාතනයක් බවට සැක පල කරන බවට පොලීසිය සදහන් කරනවා.. මෙම පුද්ගලයා පිළිබඳ මෙතෙක් අනන්‍ය තාවය සොයාගෙන නැති බවටත් මෙම මරණය පිළිබද වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බවට පොලීස් විමර්ශන අංශයේ ජෛශ්ඨ පොලිස් නිලධාරී ඇන්ඩ්රො බෙඩ්සන් මහතා පවසා තිබේ..""
"" ගගා මේ බලනවකො අදත් මිනියක් අහු වෙලා...""
පාන් පෙත්තකට කැශූ බටර් ගගා හිටපු මටත් youtube එකේ දිදී අහ අහා හිටපු breaking news එක ඇහුනත්.. මම නෑහුන ගානට පාන් පෙත්ත කන්න ගද්දි.. දිදී නම් කටත් ඇරගෙනම නිව්ස් බලන ගමන් හිටියෙ...මොකද ඌට තියන එකම පිස්සුව serial killer ඩ්‍රාම බලන එක.. ඉතින් news වලත් ඔය මඩර් කේස් බලන්නෙ හෙන ආසාවෙන්..
"" ඔය ෆෝන් එක පැත්තකින් තියල එනවා කෑම කන්න..""
"" හරි හරි ඉතින් මේ එනවා..""
ෆෝන් එක ලග තියාගෙනම දිදී කෑම කන්නෙ අද ඊයෙක ඉදල නෙමෙයි.. දන්න කාලෙ ඉදන් දිදී ඔහොමයි හැසිරෙන්නෙ..
අම්මයි තාත්තයි කාර් ඇක්සිඩන්ට් එහෙකින් නැති උනේ මට අවුරුදු 15 දි.. එතකොට මගෙ දිදීට වයස අවුරුදු 11යි.. මට ගොඩක්ම අමාරු කාලයක් උනා ඒ කාලෙ.. මොකද පාඩම් කරන අතරෙ රස්සාවක් කරන එක.. මම පුංචි කාලෙමයි මාළු කඩේක වැඩ කරේ.. මල්ලිගෙ ඉගෙනීමෙ වැඩයි මගේ ඉගෙනීමේ වැඩ වලටයි අපි දෙන්නට කන්න බොන්න ඉදන් මට තමයි බලා ගන්න උනේ.. අපිට තැන තැන යන්න ඕන උනේ නෑ මොකද අපි ඉන්න ගෙදර තාත්තා අපි හම්බ වෙන්න කලින්මයි සින්නක්කර අරන් තිබ්බෙ.. කටුක ජීවිතයක් ගත කරල මම කොහොම හරි එග්සෑම් ගොඩ දාගෙන අන්තිමට මම දැන් ඩොක්ටර් කෙනෙක්.. මන් වැඩ කරන්නෙ new york වල තියෙන lenox hill hospital එකෙ..ඔව් මගේ නම xiao zhan මට හොස්පිටල් එකේ හැමෝම කතා කරන්නෙ ඩොක්ටර් සීන් කියල.. මට වයස දැන් අවුරුදු 23යි..ඉතින් මම තමයි හොස්පිටල් එකට ගේන බොඩීස් වල මරණ පරික්ශණ කරන ස්පෙශලිස්ට්..
STAI LEGGENDO
⛓️HIDDEN MAN_🔫( Completed )
Fanfictionලොවකින්ම සැඟව සාහසික මිනීමැරුම් කරනා ඝාතකයෙක්..ඔහුගේ ජීවිතයට නොහිතූ ලෙස පැමිණි පුද්ගලයට පෙමින් බැඳුනොත්...කුමක් සිදුවේවිද මෙහි අවසානය..?⏳⏳