එකොළොස්වෙනි කොටස

990 197 71
                                    

      📌️මෙය මාගේ හිතලුවක් පමනි.
    කරුණාකර මෙම කතා මාලාව copy                     කිරීමෙන් වළකින්න..

                                 *
                                 *
                                 *

"" උබ ඊයෙ ඒ කොල්ලට කෑ ගහපු එකනම් වැරදි බං..""

අද මම වැඩට නොයා ගෙදර හිටියෙ මගෙ යාලුවො තුන් දෙනා ගෙදර එනවා කියපු හන්ද.. ආපු වෙලාවෙ ඉදල ඉතින් උන් නිකන් හිටියෙ නෑ.. සීන්ට බැන්න කියල මට මුන් තුන් දෙනාම දෙහි කපපු එකමයි කරේ..

"" එයා ඊයෙ සිමාව පැන්නුවා බං ඉතින් මට කේන්ති ගියා..""

                       ( LI SUHO )

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

                       ( LI SUHO )

සූහෝගෙ වැඩේ ඉතින් සීන්ගෙ පැත්ත ගන්න එක.. මාව නෙවෙයි දැන් එයාව ලොකු වෙලා මෙයාලටත්..

"" මට නම් පේන්නෙ උබට ඊරිසියා හිතිලද කොහෙද..""

"" මම මොකටද ඊරිසියා කරන්නෙ..""

සෝෆා එකේ සූහෝ එක්ක ශුවා මගෙ ඉස්සරහ ඉදිද්දි.. මන් ලග හිටියෙ යැන්ග්.. බියර් ටින් එකක් හිස් කරන අතර තුර උන් ටික මාව බයිට් එකට අරගෙන කියලවත් මට ගානක් ගියෙ නෑ.. මොකද මම හිටියෙ කන්ෆියුස් වෙලා.. මුන් අහන්නෙත් එසේ මෙසේ ප්‍රශ්න නෙමෙයිනෙ.. බෙල්ල ගහල යන උත්තර දෙන්නත් බෑනෙ.. යාලුවො ඉස්සරහ වචනයක් වත් වරද්දන්න කොහොමත් බෑ.. ඒ ඇයි කියල දන්න අය හොදටම දන්නවා..

"" එයා කෙල්ලෙක් එක්ක ඉද්දි උබට ඊරිසියා හිතුන් නෑ කියලද ඔය කියන්න හදන්නෙ..""

"" මම මොන මගුලකටද ඊරිසියා කරන්නෙ..""

බොරු තරහක් අරගෙන මම කෑ ගහද්දි.. උන් තුන් දෙනාම මූණට මූණ බලාගෙන හිනා වෙන්න ගත්තා..

⛓️HIDDEN MAN_🔫( Completed )Donde viven las historias. Descúbrelo ahora