Chapter 4

6.3K 900 95
                                    

කාර් එක සෝදන්නට ගිය නෙහාර මුලින්ම අඩි ගාණක් පසු පසින් හිද යන්තම් ඇඟිල්ලක් කාර් එකේ ගෑවූවේ ආපසු අනෙක් පැත්තට දුවන්නට බලාගෙනය.

"අම්මෝ..නිදිද මන්දා ඇතුලේ ඉන්න එකා..."

සැනසුම් සුසුමක් හෙලූ නෙහාර මදක් ලංවි හරියට අල්ලා බැලුවේ සද්දේ ඇහෙනවාද කියාය.

එය කෑ නොගසන බව දැන ගත් නෙහාර පරිස්සමට කාර් එක සෝදන්න පටන් ගත්තේ එයට සීරීමක් හෝ වේ යැයි බියෙනි.

"කිටියාව රුසියාවේ එක්ක ගිහින් මගේ කාර් ටික සේරම හෝදගන්න් ඕනි.."

නෙහාර දෙස බැල්කනියේ සිට බලාගෙන උන් ප්‍රතාප් සිතුවේය.

"ඔය තියෙන්නේ කිරි ටොයියා වගේ.." කාර් එක සෝදා අවසානයේ එය තවත්‍ රෙදි කෑල්ලකින් පිහදලාද දැමූ නෙහාර නැවත වරක් කාර් එක අල්ලන්නට ගියත් එය පෙරදා මෙන්ම කෑ ගසන්නට වූවේ නෙහාරව බය කරමිනි.

"චූටි බේබි..." නෙහාර ප්‍රතාප්ට කෑ ගැසුවේ කාර් එක සද්දේ දාන නිසාය.

"අන්න අම්මා ආයේ අර කොල්ලාව අතල් එකට අරගෙන.."

"චූටි පුතාගේ හැටිනේ ඉතින්..." රූපා කීවේ සිනාසෙමිනි.

"චූටි බේබි...කාර් එකත් ඔයා වගේමයි..කොයි වෙලේ කෑ ගහයිද මන්දා..හෝදනකල් සද්දෙ නැතිව ඉදලා හේදුවාම සද්දේ දානවා මහා නරකයි අප්පා..."
බැල්කනියෙහි උන් ප්‍රතාප් ලඟට ගිය නෙහාර නෝක්කාඩු කීවේය.

"උඹට අවුරුදු 20යි ද 2යිද..?"

"අපෝ විසිදෙකක් නෑ මට නම් තාම..."

"අවුරුදු දෙකයිද කියලා ඇහුවේ මෝඩයෝ..?"

"නෑ 20යිනේ...ඇයි..?"

"අවුරුදු දෙකේ පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ...දන්නේ නැද්ද ඇයි කාර් එක එහෙම කෑ ගහන්නේ කියලා..?"

"මං කොහොමද දන්නේ..එයා මට අකමැති ඇති..."

"කුඩා මෝඩයෙක්නේ තමුසේ..කාර් එක එහෙම සද්දේ දාන්නේ security alart එකක් විදිහට.."

"සිකුරුටි ඇලෙට් කිව්වේ..?"

"ආරක්ෂක සඥවක් කියන එකට.."

"ඒ මොකක්ද..?"

"ඒක කාර් එක කවුරු හරි හොරකම් කරගෙන යන්න හදනවා කියලා අයිති කාරයාට කියන එකක්.."

නුඹ වෙනුවෙන් Where stories live. Discover now