නෙහාර උන්නේ saloon liyo එකේ කණ්ණාඩියක් ඉදිරියේ පුටුවක වාඩි වීය.
"විරාජ...අයියා බනීවිද..?" නෙහාර ඇසුවේ විරාජගේ අත තද කර අල්ලා ගනිමිනි.
"ඌ කොහොමත් morden style නේ..අනික උඹමනේ කිව්වේ එයාගේ ෆෝන් එකේ ඒ වගේ stylish අයගේ ෆොටෝ තිබ්බා..එයා ඒ ෆොටෝ දිහා හොඳට බැලුවා ලොකු කර කර කියලා.."
"ඔව් ඉතින්..අනික මට අයියාගේ සමාජෙට ගැලපෙන්න ඉන්න ඕනි..නැත්නම් හෙට එයාලා මට ගොඩයා ගොඩයා කියලා හිනාවෙයි..අයියා පව් එතකොට..."
"කරලා බලමු..."
පැය ගාණක ක්‍රියාදාමයකට පසු කණ්ණාඩිය ඉදිරියේ ඇති රුව දෙස බැලූ නෙහාරගේ මුහුණට මද සිනහවක් නැඟුණි.
"අඩ්ඩේ..උඹ පට්ට කෑල්ලක්නේ බං..කුරුදුවත්තේ කෙල්ලෙක් ටෝක් කර ගත හැකි උඹට..."
"මට මොන කෙල්ලොද විරාජ අයියේ..මගේ අයියා මැණික ඉද්දී..."
"හුහ්..යමන් යමන්.."
විරාජ සමඟ සැලෝන් එකෙන් එළියට ආ නෙහාර ඉදිරියේ නවතා තිබූ කළු පැහැ bmw රථයට නැග්ගේය.
මෙම රථය ප්‍රතාප් නෙහාරට තෑගි දුන්නේ ඊයේය.රථය සමඟ වයස 50ට ආසන්න වූවත් හැඩිදැඩි රියදුරෙකුද ලැබුණි.
"මං ලස්සනද අංකල්..ඔයාට හිතෙන්නේ අයියා කැමති වෙයිද..?"
"........"
"ඇයි අප්පාවේ..ඔයා ගොළුයිද..?"
"........"
"අංකල්...ඔයාගේ නම මොකක්ද..?"
"..........."
"අංකල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්..." නෙහාර පිටුපස අසුනේ සිටම රියදුරු අසුනට එබෙමින් කනටම කර කෑ ගැසුවේය.
"සර් ප්ලීස්..කරුණාකරලා ශීට් එකේ ඉදගන්න..."
"ඔයා ගොළු නෑ..ඔයා කතා කරනවනේ..." නෙහාර කීවේ සතුටින් අත්පොඩියක්ද ගසමිනි.