"ම්ම්ම් මරු කඳ.." නාගෙන උඩුකය නිරුවතින් සෙන්ට් උලන ප්රතාප්ගේ පස්සට තට්ටුවක් දැමූ නෙහාර කීවේ දිවෙන් තොල තෙත් කරමිනි.
"නේශූ...උඹ දැන් ගාණට වැඩී හොඳේ..." කණ්ණාඩියෙන් නෙහාර දෙස බලා උන් ප්රතාප් කීවේ බොරුවට ඔරවමිනි.
"Complement එකක් දුන්නම ඒක accept කරන්නකෝ අයියේ..ප්රෝඩාව නැතිව...ඔයාගේ wife ම එහෙම කියද්දි කාටද ආඩම්බර..."
"කාටද..?"
"ඔයාට අයියෝ...ඔයාට.. ඔයා දැන් ඔය කොහෙද යන්නේ...?"
"වැඩට දරුවෝ..."
"අනේ අදත් ඉන්නකෝ අයියේ.."
"දවස් දෙකක්ම උන්නානේ දරුවෝ..ඔයාත් අද ඔෆිස් ගියොත් හොඳයි නේද..?ඔහොම නිවාඩු ගන්න එපා..ඒක ඔයාටමයි හොඳ නැත්තේ..." නෙහාරව කණ්ණාඩි මේසයෙ ඉන්ද වූ ප්රතාප් කීවේ ඔහුගේ හිසට තට්ටු කරමිනි.
"මට බෑ..මම නිවාඩු...යසට තියෙයි මෙහෙම වැඩට ගියාම..අර විරාජ අයියා මාව ලැජ්ජා කරලම මරයි..ඇවිදින විදිහ කියලා..අම්මාම කියන කතා මදිද..?"
"අම්මා මොකද කියන්නේ.."
"ආන්න පාත්තයෙක් එනවා බකල් ගගහා කියලා හිනාවෙනවා.. "
නෙහාර කියපු කතාවට ප්රතාප්ට හිනා යද්දි නෙහාර එරෙව්වේය.
"නිකන් ඉන්න...ඔයා මට පාඩුවේ ඉන්න දුන්නේ කෑම time එකේ විතරයි..එක සැරයක් ඒකවත් පාඩුවේ කන්න දුන්නේ නෑ..උල තියන් ඉන්දවගෙන මදිවට කවන්නත් කිව්වා..දැන් හිනා වෙනවා..."
"ආහ්..උඹ කැමති නෑ වගේනේ..මොකද දන්නේ නෑ එහෙනම් අදත් නිවාඩු දාන්න කිකියා වටේ කැරකෙන්නේ..."
"අනේ..මට නම් උවමනාවක් නෑ..මං මොකටද ඉල්ලන් පුකේ ටිංකිරි ගා ගන්නේ.."
"ටිං කිරිද..?නැත්නම්..."
"ඊව්...අයියේ...යන්න අප්පා..." ඇස් දෙකම චූටි කරගෙන කට කොනින් සිනහා වෙමින් නෙහාර දෙසට පහත් වෙද්දි ඒ පපුවට අත තබා නෙහාර ඔහුව වැළැක්වූයේ කට බෙරි කරගෙනය.
නෝන්ඩි සිනහවක් දැමූ ප්රතාප් නෙහාරගේ මුහුණ දෝතින්ම ගෙන ඒ දෑස් වලට එබුණේය.
"නේශූ..."
"ම්ම්ම්.."
"මොකුත් තරහක් ගන්නේ නැත්නම් මං දෙයක් කියන්නද..?"