Chapter 35

6.2K 770 95
                                    

සිගැරට් එකක් දල්වා ගත් ප්‍රතාප් බැල්කනි එකට ආවේ අවුල් වූ මනසිනි.
නෙහාරගේ කාමරයේ විදුලි බල්බය තවමත් දැල්වෙමින් පැවතුනි.නෙහාරට කතා කිරීමට සිතුනත් ජනෙල් රෙද්ද අතරින් පෙනෙන table lamp එකෙහි ආලෝකයෙන් ඔහු පාඩම් කරන බව තේරුම් ගත් නෙහාර නිහඩවම තව සිගැරට් එකක් දල්වා ගත්තේය.

ඔහුට ආයතනයේ ඇති වැඩ එකින් එක ඉහළ යයි.රුසියාවට ගොස් වැඩ කිරීම ඉතා පහසූ වූවත් මෙතරම් වැඩ හිර නොවෙන බව තේරුම් ගියත් ඔහු වූවේ නෙහාරව දමා යෑමට හිත නොදෙන බැවිනි.ලංකාවෙන්ම ගත් අලුත් ව්‍යාපෘතිය මාර්ගයෙන් රුසියා ව්‍යාපෘතිය අතහැර දැමීමට තීරණය කර තිබුණත් ඔහුව එම ව්‍යාපෘතියෙන් ඉවත් කිරීමට ප්‍රධානියාගෙන් අවසර නොලැබුනේ ප්‍රතාප්ගේ සහය නැතිව එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම වුවත් අඩාල විය හැකි බව කියමිනි.ඔහු කොහොමවත් ප්‍රතාප්ව නිදහස් කිරීමට අකමැති වූවේ ප්‍රතාප් එහි වගකීම දරනා තෙක් ඔහුට එම ව්‍යාපෘතිය ගැන බිය විය යුතු නැතැයි කියමිනි.

හරි හැටි නින්දක් හෝ නොලබා ප්‍රතාප් වෙහෙස වන්නේ කෙසේ හෝ ලංකාවේ රැදී සිටීමටය.ඔහුට නෙහාරව රැගෙන රුසියාවට යා නොහැක.කොළඹ පරිසරය ඒ සමාජයටවත් තවම හැඩ ගැස්වී නැති නෙහාරව ඊටත් වඩා සංකීර්ණ පරිසරයකට රැගෙන යෑමට ප්‍රතාප්ට නොහැක.ඔහු යන්තම් ඉගෙන ගැනීමට පටන් ගත්තා පමණි.එයට බධා කිරීමටවත් එය හදිසියේ කඩාකප්පල් කිරීමටවත් නොහැක.රුසියාවට ගොස් එහි උපාධිය හැදෑරීමට සැලස්වීම කිසිසේත්ම කල නොහැක.

නෙහාරව මෙහි තනියම දමා යෑමටද නොහැක.එක දවසකට නුවර ගියාම මෙසේ නම් තමා රුසියාවට ගියහොත් කොහොම හැසිරේවිද..?අම්මා තාත්තා මෙහි ගෙනවිත් තනියට තබා ගියත් නෙහාර තනිවෙන බවට තර්කයක් නොමැත.

අඩු නින්ද හා ගොඩගැසුණු වැඩ කන්ද ප්‍රතාප්ව අධික වෙහෙසට පත් කලේය.දෑස් හා හිස අධික ලෙස වේදනා දෙන විට පවා ප්‍රතාප් දරා ඉන්නේ අපහසුවෙනි.අද එන්නට පරක්කු වූවේ ඇස් ඇරගන්නට තරම් නොහැකි වූ නිදි මත නිසා කාරය මග නවතා නිදා ගත් බැවිනි.

දෑස් පියා ගන්න විටත් දෑස් ඉදිකටු අනිනවාක් මෙන් රිදුම් දෙන විට ප්‍රතාප් සෙමින් සෙමින් හාන්සි පුටුවේ දිගෑදි දෑස් වසා ගත්තේය.

නුඹ වෙනුවෙන් Where stories live. Discover now