ප්‍රතාප් උන්නේ පාර දෙස බලාගෙන තේ එකක් බොමිනි.ප්‍රතාප් මේ නිදහසේ හුස්මක් ගන්නේ සතියකට පමණ පසුය.
"චූටි බේබිට අද මහන්සි නිවන්න හොඳයි නේද..?"
"ම්ම්.."
"චූටි බේබි.."
"ම්ම්"
"අපේ එක පාඩමක් කරන්න එනවා සර් කෙනෙක්..එයා හරි ශෝක් අනේ..හැමෝම ළඟට ඇවිත් කියා දෙනවා..ශෙහාන් සරුයි අනිත් පාඩම උගන්නන සරුයිත් හොඳයි...හොදවෙලාවට මේක ගම නොවුනේ..එහෙම නොවුනා නම් කවුරුවත් මාත් එක්ක හිනාවෙලා කතා කරන එකක් නෑ..මෙහේ අය හරි හොඳයි චූටි බේබි..ගමේ ඉස්කෝලේ අය වගේ නෙවෙයි.." බිම ඉදගෙන කකුල් දෙකත් එරමිණියා ගොතාගෙන නෙහාර කියන දේවල් ප්‍රතාප් අහාගෙන උන්නේය.
"යන්න බෑ කිකියා අඩ අඩානේ ගියේ දැන් හොඳ වෙලාද..?"
නෙහාර සිනහාවෙමින් ඔලුව වැනුවේ ඔව් කියන්නටය.
"ඉස්කෝලේට වඩා හොඳ ඇයි..?ඔය මෙහේ මිනිස්සුන්ට කැමතිද..?"
"ඔව් ගමේ වගේ නෙවෙයි එයාලා අනුන්ගේ එව්වා හොයන්නේ නෑනේ..හැමෝම මූණට හම්බ උනාම හිනාවෙනවා..ඉස්කෝලෙදි වගේ අහක බලාගෙන කෙල ගහලා යන්නේ නෑ වේසිගේ පුතා කියලා.."
නෙහාරගේ හිසෙහි කෙස් අතර තිබූ ප්‍රතාප්ගේ අත එහේ මෙහේ ගමන් කරන එක නතර වුණි.
"කවුද ඔයාට එහෙම කිව්වේ..?"
"ගමේ ඉස්කෝලේ අය..මට හරී....යට කරදර කරා එයාලා..සර්ලා ටීචලා පවා..මෙහේ සර්ලා වගේ ළඟට ඇවිත් නොතේරෙන ඒවා කියලා දුන්නේ නෑ එයාලා..මං අත ඉස්සුවත් එයාලා මාව දැක්කේ නෑ වගේ ඉන්නවා..මොනා හරි ඇහුවොත් ඒත් බනිනවා..මගේ පොත් පවා විසික් කරා වේසකමේ ගිහින් හොයාගත්ත සල්ලි වලින් ගත් ජරා පොත් කියලා..කොල්ලෝ කරදර කරන්න එද්දි කාංචන තමා මාව බේර ගන්නේ..එයාටත් කට්ටිය බැන්න..මා එක්ක ඉදලා ඒඩ්ස් හැදෙයි කියලා..ඒඩ්ස් කියන්නේ මොකක්ද චූටි බේබි..මට ඒක තියෙනවද..?"
බිම බලාගෙන කියවපු නෙහාර දෑස් ඔසවා ප්‍රතාප් දෙස බලද්දි ප්‍රතාප් ගැස්සී ඉවත බලා ගත්තේය.වේගයෙන් ඇසිපිය එකට ගැසූ ප්‍රතාප් නෙහාර දෙස බලා අතදිගු කරේ ඔහුට ළඟට එන්නට යැයි පවසමින් උනත් නෙහාරට එය නොතේරුණි.