Chapter 20

6.7K 838 109
                                    

ප්‍රතාප් මද වේලාවක් ඇන්ඩ්‍රියා දෙස බලා උන්නේය.

වෙනදාට ඇන්ඩ්‍රියා මෙලෙසින් සිටිනු දැකීම ප්‍රතාප් පිස්සු වට්ටවයි.

"අද නම් උඹට ගහනවා එළි වෙනකල්ම.." ප්‍රතාප් ඇය අසළට එන්නේම එලෙස කියමිනි.

ඇයගේ මුවින් daddy යැයි කෙදිරි නැඟෙන මොහොතක් පාසා ප්‍රතාප් උත්තේජනය ලැබුවේය.ඔහු අවසානයේ නවතින්නේ ඇන්ඩ්‍රියාව හපයක් කොටය.

ප්‍රතාප් යනු ලිංගිකව අධි ක්‍රියාකාරී අයෙකි.ඇන්ඩ්‍රියා වැනි ගැහැණියක් එතරම් කලක් ඔහු ළඟ රැදුණේ ඒ නිසාය.ඇය මෙතරම් ඔහුගේ පහසට ලොල් වන්නේද ඒ නිසාය.ඇය කියන කියන වේලාවට ඕනෑම තැනක ප්‍රතාප් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට පසුබට වූවේ නැත.

ප්‍රතාප් ද ඇගෙ පහසට ඇලුම් කලේය.ඕනෑම දෙයක් සුළු මොහොතකින් එපා වී යන ඊට වඩා අලුත් හොඳ දෙයක් වෙත ඉක්මනින් ඇදෙන ප්‍රතාප් ඇයගෙන් ඉවතට නොයා අවුරුදු තුනකට ආසන්න කාලයක් උන්නේම එබැවිනි.කිමද ඇය ඔහුව සංතෘප්තියේ උපරිමය කරා ගෙන යන බැවිනි.

එහෙත් අද..?ඔහුට ඒ පිරිපුන් සිරුරේ කිසිදු අවයවයක ලස්සනක් නැවත සැරයක් බැලීමට තරම් විශේෂයක් දැනුනේ නැත.

ඇන්ඩ්‍රියා දෙස මදවේලාවක් බලා උන් ප්‍රතාප් ඇය අසළට යන්න අඩියක් තැබුවත් ඔහුට සිහි වූවේ අද නෙහාර කේන්ති ගත් අයුරුය.

"Sleep..."
ඇදට ගිය ප්‍රතාප් එහි වූ ඔහුගේ කොට්ටය ගෙන කාමරයෙන් පිටතට එන්න හැරුණත් ඇන්ඩ්‍රියා ප්‍රතාප්ගේ අතින් අල්ලා ගත්තාය.

"I haven't any feel about you baby..I feel empty..please sleep.."

ප්‍රතාප් එය කීවේ කාරුණික හඩිනි.ඔහුට මෙම තරුණියගේ හිත රිදවීමට අවශ්‍ය නොමැත.කිමද ඈ පහුගිය වසර කිහිපය තුලම ඔහුව සැනසුවේය.යන්තම් හෝ ඔහුව care කලේය.ඉතින් ඇයගේ හිත රිදවන්න කෑ ගසන්න ඔහුට උවමනාවක් නැත.එසේ කිරීමද යුතු නැත.අනෙක් දේ ඇයගේ හිතෙහි ඉරිසියාව වැඩි කරහොත් ඉන් පීඩා විදින්නට වෙන්නේද නෙහාරට ය.ප්‍රශ්න තව වැඩි කර ගත යුතු නැත.ඔහු ඇගේ හිස අතගා ඇයගෙ නළල සිප ගත්තේය.

ප්‍රතාප් කෙලින්ම ආවේ සාලයේ වූ සෝෆා එකටය.නෙහාරගේ කාමරයට යන්න පුළුවන්කම තිබියදීත් ඔහු නොගියේ ඔහුට බොහෝ විට තමාව පාලනය කර ගැනීමට නොහැකි වේවි යැයි බියෙනි.

නුඹ වෙනුවෙන් Where stories live. Discover now