නෙහාරට පොල් ගාන මැෂින් එකක් වෙනුවට හිරමණයක් අවශ්‍ය විය.පොඩි ගල් වංගෙඩියක් අවැසි විය.පිටි කල පොල් කිරි වෙනුවට පොල් අවැසි විය.කිරි උතුරන්නට මුට්ටියක් අවශ්‍ය විය.
ප්‍රතාප් ඒ සියල්ල තර්ක නොකර ගෙන දුන්නේය.
"කුස්සිය අස් කර ගන්න පුළුවන් නේද..?මං වැඩ කරන්න යන්නම්.."
"හා චූටි බේබි...අපි කිරි උතුරවමු නේද..?"
"හ්ම්..."
නෙහාර ගෙදර සියල්ල පිළිවෙලට අස්පස් කර ගත්තේ ආසාවෙනි.ඔහු ඔහුගෙත් කාමරය අස් කලේය.
ප්‍රතාප් අරන් දුන් සියළු ඇදුම් නෙහාර අතගෑවේ ප්‍රවේශමෙන් මෙන්ම ලෝභකමිනි.නෙහාර ප්‍රතාප්ගේ කාමරයද අස් කරන්නට ගත්තේ ලොකු සර්ලාගේ ගෙදර චූටි බේබිගේ කාමරය තිබුණු ආකාරය මතක් කරමිනි.ප්‍රතාප්ගේ closest එක පුරවා බඩු එකතු උනි.
"රෙදි කඩයක් වගේ.." නෙහාර මිමිණූවේ අස් කල closest එක දෙස බලමිනි.එහි විවිධ හැඩයෙන් පාටින් කෝට්ම දහයකට වැඩියෙන් විය.පාට පෙට්ටියෙහි වූ පාට සියල්ලගෙම පැහැයෙන් ශර්ට් හා ටීෂර්ට් වර්ගය.
"කොච්චර පාට පාට ඇදුම් තිබ්බත් අපේ චූටි බේබිට ලස්සන කළු පාට ඒවා.." නෙහාර සෙමින් මිමිණුවේය.
ප්‍රතාප්ගේ අනෙක් බෑගය ඇරිය නෙහාර ඉන් ද ඇදුම් එළියට ගන්න ගියත් ඒ අතර තිබී වැටුණු condom පැකට් එක අතට ගත් නෙහාර එය ආපසු විසික් කර දැමුවේ කුණු ගොඩක් ඇල්ලුවා වැනි හැඟීමකිනි.
"ඇයි..ඇයි ඒක විසි කලේ...?" මෙතෙක් වේලා නෙහාරට හොරෙන් නෙහාර දෙස බලා උන් ප්‍රතාප් ඇසුවේ ය.
"න්..නෑ..විසිකලේ නෑ චූටි බේබි.." එය නැවත අහුලාගෙන එය පිටුපසට කර හංගා ගත් නෙහාර කීවේ බියෙනි.
නෙහාර වෙත ආ ප්‍රතාප් නෙහාර වෙත අතපා බලා ඉන්නා විට නෙහාර එය ප්‍රතාප්ගේ අතමත තැබුවේය.
"මේක condom පැකට් එකක් මිස ජරා ගොඩක් නෙවෙයි අප්පිරියාවෙන් විසික් කරන්න..ඔයාට මේක මැජික්ද..?ඔයා use කරලා නැද්ද..?ඔයා ඔයාගේ කාංච...."
ප්‍රතාප්ට කියන්නට හැකි වූවේ එපමණකි..නෙහාර ඔහුගේ අතින් ප්‍රතාප්ගේ කට වැසුවේය.