ප්රතාප් නාන කාමරයේ සිට පැමිණෙන තෙක් නෙහාර පසෙකින් වූ සෝෆාවේ වාඩි වී අද දවස ගැන මතක් කලේය.
"මගේ අයියා..." ප්රතාප් ගලවා තම ඔඩොක්කුවට දමා ගිය කෝට් එක දෝතින් ගෙන එහි කොලරය අසල සිප ගත් නෙහාර එය පපුවට තුරුළු කර ගත්තේය.
"ඕක ඉතින් ඔහොම තුරුළු කරන් ඉඹින්න ඕනි නෑනේ..මං මෙතන ඉද්දී..."
නානකාමරයෙන් එළියට පැමිණ නෙහාරගේ විගඩම් දෙස සිනාසෙමින් බලා උන් ප්රතාප් කිව්වේ නෙහාර මද සිනහවක් පා කෝට් එක පසෙකින් තබන විටය.
ප්රතාප් ගලවා දැමූ ඇදුම් පිළිවෙලට අසුරා බෑගයට දැමූ නෙහාර නාන කාමරයට ගියේ ප්රතාප්ගේ අඩ නිරුවත දෙස හොරෙන් බලමිනි.
නාගෙන අවසන් වූ නෙහාර විරාජ තෑගි දුන් ඇදුම දෙස බලාගෙන කල්පනා කලේ එය අදිනවාද නැද්ද කියාය.
කෙසේ හෝ අදින්නට තීරණය කල නෙහාර එය ඇදගෙන නාන කාමරයේ දොර විවර කර වටපිට බැලුවේ ප්රතාප් කොහෙද කියාය.
ප්රතාප් උන්නේ ලැප් එක දිගහැරගෙන කුමක් හෝ වැඩකය.
"මෙයාට අදවත් වැඩ නොකර ඉන්න බැරිද..?" නෙහාර මිමිණූවේ කෝපයෙනි.
ලැජ්ජාවට වඩා කෝපය වැඩි වෙද්දි නෙහාර bathroom එකෙන් පිටත පැමිණ ප්රතාප් ඉදිරියෙන් එහාට මෙහාට ගියන් ප්රතාප් නම් හිස ඔසවා හෝ බැලුවේ නැත.
"මෙයා නම් මහා පුදුම කෙනෙක්..මං මෙතනින් මෙච්චර එහාට මෙහාට යනවා..පේන්නේ නෑ.."
"පුදුම මිනිහෙක් නේ.."
"එයාට මේ කොම්පියුටරේමනේ කසාඳ බැදගන්න තිබ්බේ..."
නෙහාර ප්රතාප් ඉදිරියේ සිටගෙන මද වේලාවක් දෑත් බැදගෙන බලා උන්නේ මූණත් පුම්බාගෙනය.
විනාඩි පහළොවක් පමණ ගත විය.නෙහාර බලා උන්නේ එක් මොහොතක හෝ ප්රතාප්ගේ ඇස් හෝ එහේ මෙහේ යනවාද කියාය.ඒ ඇස් ඇසිපිය නොගසාම තිබුනේ තිරයමතය.වැඩකල එකම දේ වූවේ ඒ දිගු ඇඟිලිය.
නෙහාරට ඇති වූවේ පුදුමයකි.ඔහුට තම ඇඟිලි වැඩ කරන දෙස බලා සිටින්නට අවැසි නැත.ඒවා ස්වයංක්රීයව මෙන් එහේ මෙහේ දුවද්දි ප්රතාප්ගේ දෑස් නොසෙල්වී තිරය මතය.විටක තිරයට රැව්වේය..එක key එකට පමණක් කෝපයෙන් තඩි බෑවේය.