Chapter 48

5.4K 667 95
                                    

නිහඩවම රථය දාවනය කරන ප්‍රතාප් දෙස නෙහාර විටින් විට බැලුවේය.

"අයියේ..."

"ම්ම්.."

"තව ගොඩක් දුරද..?"

"තාම කොට්ටාව entrance එකටවත් ආවේ නෑ දරුවෝ.."

"ඒ කොහෙද..?"

"Highway එකට දාන තැන.."

"එදා ඔයා මාව එක්ක එනකොට රෑනේ...මොකුත් දැක්කේ නෑ..."

"ම්ම්ම්.."

"මං ඔයාට ගොඩක් ආදරෙයි මයේ දෙයියෝ.."
ප්‍රතාප් හට කතා කිරීමට උවමනාවක් නැති බව තේරුම් ගත් නෙහාර සෙමින් ඔහුගේ කම්බුලක් මත හාදුවක් තැබුවේය.

"නේශූ දොයියන්න එපා..මා එක්ක කියව කියව ඉන්න..."

"ඔයාට කරදරයි කියලා හිතුවේ..."

"නෑ..මට ඕනි අහන් ඉන්න..."

"අයියේ..ප්‍රශ්නයකද ඉන්නේ...?"

"නෑ..."

පාරේ යන වාහන වර්ග වල නමුයි,ඒවගේ මිලයි ඒකේ මිලයි ප්‍රතාප්ගේ වාහනේ මිලයි අහා අහා ඒවා සසද සසද උන් නෙහාර ඔහුටත් නොදැනීම ප්‍රතාප් අරන් දුන් snack සියල්ල අවසන් කර තිබ්බේය.

"අයියේ...මේ කොහෙද..?"

" මාතර..."

"කෝ මුහුද..?"

"අපි මාතර ඇතුලෙන් නෙවෙයි යන්නේ...පිටතින්..මුහුද පේන්නේ නෑ ඉතින්..."

"අර ඈත එක දිගට නිල් පාටට පේන්නේ මුහුද වෙන්න ඇති නේද...?"

ශීට් එක මත දණ ගසාගෙන ජනේලය ඇර මුහුණ එළියට දා ගත් නෙහාර මුහුද යැයි සිතා ඈතින් පෙනෙන අහස දෙස බලා උන්නේය.

නෙහාරගේ කුඩා දරුවෙකුගේ වැනි හැසිරීම දෙස බලා උන් ප්‍රතාප් සුසුමක් හෙලුවේ වේදනාවෙනි.

"උඹට මේ හුරතලේ දාලා යන්න වෙනවා බං.." ප්‍රතාප්ගේ හිත ඔහුට තරවටු කලේය.

"නේශූ...බබා...හුළං වදින්න දෙන්න එපා..ඔලුව කැක්කුම හැදෙයි..දැන් ශීට් එකේ වාඩි වෙන්න..."

"හා..."

නෙහාර කොහොමත් ප්‍රතාප්ගේ වචනෙට කීකරු වෙද්දි ඔහු ඉක්මනින් ශීට් එකෙහි ඉදගෙන ජනේලය වසා ගත්තේය.

නුඹ වෙනුවෙන් Tempat cerita menjadi hidup. Temukan sekarang