Meeting එකක් අවසන් වී පැමිණි ප්රතාප් කෝට් එක ගලවා දමා ටයි ගැටය බුරුල් කරමින් අසුනේ වාඩි වූවේ අධික ලෙස කැක්කුම් දෙන හිස දෝතින්ම බදා ගනිමිනි.ඔහුගේ දෑස් නැවත රතු පැහැ වී ඇත..ලූණු කපනකොට එන ඇස් දැවිල්ල මෙන් දැවිල්ලක් සමඟ ඇස් වලින් කඳුළු බිදු බේරෙද්දි ඔහු දෑස් පියා ගත්තේය.
"Excuse me sir..."
"Come..."
"අහ්...ප්රියා..ආව එක හොඳයි..මට උණු කෝපි එකක් එක්ක පැරසිටමෝල් පෙති දෙකක් ගෙනත් දෙන්න පුළුවන් ද..?"
"අහ් හොඳයි සර්.."
"අහ්..යන්න කලින් ආව හේතුව කියලා යන්න.."
තමාට පැරසිටමෝල් ගෙනෙන්නට යන්න හැරුණු පියන්වරියට ප්රතාප් කීවේ කාරුණිකවය.
"නෑ සර්..සර්ගේ husband නෙහාර සර් ඇවිත්.."
"නෙහාර...?"
"ඔව් සර් දැන් පැය දෙකක් වගේ සර්ගේ meeting එක නිසා ඇතුලට එව්වේ නෑ...නෙහාර සරුත් සර් එනකල්ම ඉන්නවා කියලා හිටිය..."
"ඔහ් ශිට්...ප්රියා..මීට පස්සේ එයා ආවොත් මං මොන වැඩක හිටියත් ඇතුලට එවන්න...එවලා මාව දැනුවත් කරන්න...ok..?"
කලබලයෙන් නැවත කෝට් එක දා ගත් ප්රතාප් ටයි එකද හදමින් කීවේ දොර වෙත යන ගමන්මය.
"මගේ දෙයියෝ..."
රෙසිප්ෂන් එක වෙත ප්රතාප් ආවේ බියෙනි.එකක් නෙහාරගේ මේ හදිසි කඩා වැටීමට හේතුවක් තිබිය යුතුය.අනෙක් දේ ඔහුව මෙතරම් වේලා ප්රමාද කිරීම ගැන කෝපයෙන් විය යුතුය..
ඒත් සිදුවූවේ ප්රතාප් බලාපොරොත්තු නොවූ දෙයකි.ඔහුව දුටු ගමන්ම ඔඩොක්කුවේ තිබුණු බෑගයද බිම දමා ඔහු වෙත දුවගෙන ආ නෙහාර මගේ දෙයියෝ යැයි කියමින් ඔහුගේ ගෙළ බදා ගැනීමය.නෙහාරගේ කකුල් දෙක ප්රතාප්ගේ ඉන වටා එතුනි.එක් අතකින් ප්රතාප්ගේ ගෙළද අනෙක් අතින් ප්රතාප්ගේ හිස පිටුපසින්ද අල්ලා ගත් නෙහාර ඔහුට කිටිකිටියේ තද වෙමින් ප්රතාප්ගේ මුළු මුහුණම සිප ගත්තේය.
ප්රතාප් උන්නේ අපහසුවෙනි.ඔහු තම ඔෆිස් එකෙහි මෙලෙස හැසිරීමට බලාපොරොත්තු නොවූ කෙනෙකි.ප්රධානියා තමා වූවත් ඔහුද සෑම විටම සියල්ලටම පොදු ඩිසිප්ලීන් පිලිපැද්දේය..ප්රතාප් යනු රාජකාරී ජීවිතයේ සම්පූර්ණයෙන්ම professional කෙනෙකි.නෙහාරව විටින් විට ඔෆිස් එකට රැගෙන ඒමේ හැකියාව ප්රතාප් හට ඕනෑ තරම් තිබුණත් ඔහු එසේ නොකරන්නේ පෞද්ගලික ජීවිතය හා රැකියාව පටලවා ගැනීමට ඇති අකමැත්ත නිසාවෙනි.අනෙක් දේ නෙහාර සිටිනවා යනු ඔහුගේ මානසික ඒකාග්රතාවයට බාධාවකි.රෙසිප්ෂන් එකේ සිටින කෙල්ලන් දෙදෙනාට මෙන්ම එතනම එහා පසින් වූ data entry team එකටද ඔවුන්ව හොඳින්ම පෙනුනි.