පාන්දර දෙකට ඇහැරුණු නෙහාර කඩිමුඩියේ සැන්ඩ්විච් සූදානම් කලේ උදෑසන අහාරය සඳහාය.
ප්‍රතාප් හට අවශ්‍ය සියළු ආහර සූදානම් කල ඔහු එය ලිපේ නොතබා එලෙසම තැබුවේ ප්‍රතාප් හට අවැසි වේලාවට ලිප තබා ගැනීමටය.
"ඕවා ඕනි නෑ නෙහාර..තමුසේ යන්න ලෑස්ති වෙනවකෝ..4ට යන්න ඕනි නේද..? 3.00 වෙලාව..මට කඩෙන් කන්න බැරියැයි..ලෑස්ති වෙනවකෝ.."
"අනේ..මට කරන්න පුළුවන් අප්පා..ඔයා කඩෙන් කන්න ආස නෑ..දවසම නොකා ඉදිවී..මං කොහේ කියත් ඔයා තමා මගේ අයියේ එක.." නෙහාර කීවේ kitchen island එකට හේත්තු වී ඔහු අසළ සිටගෙන උන් ප්‍රතාප්ගේ ඉන වටා අත යවා තුරුළු වෙමිනි.
"ගොඩාක් පින් මට මේ ගමන යන්න දෙනවට..මං ගොඩාක් ආසාවෙන් හිටියේ..මං ට්‍රිප් ගිහින්ම නෑනේ..ඔයාට මං නිසා වියදමුත් වැඩීනේ...මං හිතුවේ නෑ ඒ ගමනට අටදහක්ම යාවි කියලා..මට සම්ම්ම්හ්හ්..."
"පරිස්සමට ගිහින් එනවකෝ..ඔයාගේ අද හැසිරීම මත තමා ඉදිරිය තීරණය වෙන්නේ තේරුණාද..?ඒ නිසා සැලකිල්ලෙන් ඉන්න..මං නිතරම කෝල් කරන්නේ නෑ..හැබැයි තමුන්ට මට කෝල් කරන්න මතක් වෙයි කියලා හිතනවා..අනික මං ගන්න කෝල්ස් එක සැරෙන් ආන්සර් වෙන්න ඕනි..මට අදාළ නෑ තමුන් කොහේ කොහොම කොයි විදිහට හිටියත්..තේරුණාද...?ම්ම්ම්..."
තම පපුවට තුරුළු වූ නෙහාරගේ හිස අතගාමින් වුවත් ප්‍රතාප් කීවේ අවධාරණයෙනි.
"හරි අයියේ..."
"ලෑස්ති වෙන්න..."
"ටිකක් මේම ඉන්න දෙන්නකෝ..."
"පරක්කු වෙනවා නේද බබා..?"
"ම්හ්ක්..එක්කෝ මං ඉන්නම්ද..?නිවාඩු දවසේ ඔයා ගෙදර ඉද්දි යන්න ලෝභයි මට..." ප්‍රතාප්ගේ පපුවට නිකට තබමින් නෙහාර ඇසුවේය.
"හැමදාම ඔයා මම මත්තේ නහින්න ඕනි නෑ බබා.."
"වඩා..."
"කෝලම් උඹේ.." ප්‍රතාප් කීවේ නෙහාරගේ තට්ටම් යටින් අත තබා ඔහුව වඩා ගනිමිනි..නෙහාර හීන් සීරුවේ ප්‍රතාප්ගේ ගෙළෙහි එල්ලි උරහිසේ හිස තබා ගත්තේය.
නෙහාරගේ දෑස් පියවී යද්දි ප්‍රතාප් සෙමින් සෙමින් ඔහුගේ පිට අතගෑවේය.විනාඩි තිහක්ම තම උරිහ මත නෙහාරට නිදා ගන්නට ඉඩදුන් ප්‍රතාප් නෙහාරට කතා කලේය.