ප්‍රතාප් නෙහාරව රැගෙන හෝටලය වෙත එද්දි සියළු අමුත්තන් පැමිණ සිටියේය.
කාරයෙන් බැසි ප්‍රතාප් නෙහාර සිටි පැත්තේ දොර විවර කලත් නෙහාර වූවේ බය වී වෙව්ලමිනි.ඔවුන් පිළිගැනීමට බෙරවායන් හා නැට්ටුවන් සැරසී බලා සිටියා මෙන්ම බොහෝ පිරිසක්ද විශාල දොරටුව අසළ රැස්ව සිටියේය.
"බය වෙන්න එපා..මං ළඟනේ ඔයා ඉන්නේ..එන්න.." ප්‍රතාප් සිහින්ව මිමිණූවේ තම අත තදින් අල්ලාගෙන උන් නෙහාරගේ අත සිප ගනිමිනි.
යන්තම් එළියට බැසි නෙහාර ප්‍රතාප් අත තදින් අල්ලා ගත්තේය.බෙර හඩත් සමඟ ආශිර්වාද කවි ඇසෙද්දි නෙහාරගේ දෑසේ කඳුළු පිරුණි.ඔහු හීනෙන්වත් නොහිතුව විවාහා මංගල උත්සවයක්..ඔහු දෑස් ඔසවා ප්‍රතාප් දෙස බැලුවේ ඇස් වල කදුළු කැට නලියද්දීය.
"කිඹුල්වත් පුර නුවර ඉපදණු එබෝසත් ජය මංගලම්
මඟුල් කඩුවෙන් කේස ධාතුව කපා අහසට දැමූ බෙලෙන්
අගුල්ලාලා තීබූ වාසල් ඇරපු හැම දෙවියන් විසින්
මඟුල් වේවා යුවතිපතී හට බෝ කලක් සුභ මංගලම්
..."නැටුම් දෙස බලා සිටින නෙහාරගේ ඇස් දිලිසෙන අයුරු ප්‍රතාප් දුටුවේය.
"මෙහෙම නටන්න පුළුවන් ද ඔයාට...?"
"ම්ම්ම්.."
"නටලා පෙන්නනකෝ මට..."
"එහෙම නටන්න බෑ අයියේ..ඔය ඇදුමක් ඇගලාන්නත් පේ වෙන්න ඕනි..සෙල්ලමක් නෙවෙයි අන්තිමට වෙස් වෙනුවට වස් වදින්නේ.."
දෙදෙනා කනට ලං වෙමින් කොඳුරමින් එන දෙස ප්‍රතාප්ගේ පවුලේ අය දිලිසෙන දෑස් වලින් බලා සිටියදි තව දෑසක් කඳුළු වගුරමින් බලා සිටින අයුරු දෙදෙනාම දුටුවේ නැත.
බිම දිගේ අතුරා තිබූ රතු පලස මත ඇවිද යන අතරතුර නෙහාරගේ දෑස් උඩ සිට පහළට එල්ලෙමින් පවතින විශාල ආලෝක පහන් වෙතට යොමු විය.තවත් වරෙක අසුන් ගෙන උන් පිරිස වෙතද යොමු විය.දෑස් එහේ මෙහේ හැමතැනම නැටුවත් ඒ අත නම් ප්‍රතාප්ගේ අතින් එක් මොහොතකට හෝ බිදුනේ නැත.
"අර බලන්නකෝ අම්මා..අර පොඩි ගස් බල්ලා ඇස් කරකෝ කරකෝ බලන විදිහ..මූ නම් හුරතල් ලෝකයක්..තව වැඩිවෙලාද කොහෙද හුරතලේ.."