මහා පාන්දර ඇඟට දැනුන අපහසුතාවයත් බඩකලතන ගතියත් නෙහාරව අවදි කලේය.ප්‍රතාප්ගේ දෑත් නෙහාරගේ ඉනවටා එතී ඇත්තේ නෙහාරව ප්‍රතාප් වෙත තද කර තබා ගනිමිනි.
ප්‍රතාප් ඇහැරේවි යන බියෙන් නෙහාර සෙමින් ප්‍රතාප්ගේ අත් ඉවත් කලේ ප්‍රවේශමෙනි.බඩ බොකු කලතවාගෙන ඔක්කාරෙට එද්දි නානකාමරයට දිව ගිය නෙහාර කොම්ඩ් එක අසළ බිම ඉදගෙන කොමඩ් එක වෙත එබුණේය.
උඟුර කට පවා සීරීගෙන දවසෙම් කාපු දේවල් එළියට එද්දි නෙහාරගේ දෑස් වලින් කඳුළු කැට රූරා ගියේය.
විනාඩි ගණනාවක් එලෙසම උන් ඔහු බිත්ති අල්ලමින් නැඟිට ගත්තේ දෙපා වාරු නැති බැවිනි.පැය ගණනක් ප්‍රතාප් සමඟ ඔට්ටු වී පසුපස ගිනි ගෙන දැව්නි..ප්‍රතාප් ඕන ඕනෑ පමණින් එහෙ මෙහෙ නවා තමාට පහසු අයුරින් තබා ගත් නිසා නෙහාරගේ හන්දිපත් කකුල් ඕනෑවට වඩා රිදුම් දුන්නේය.බඩ කැලතිල්ල තවමත් එලෙසමය.උඟුර තුවාලයක් මෙන් රිදුම් දෙද්දී බිත්තියට වාරු වී සිට ගත් නෙහාර කුස මත අත තබා ගත්තේ හඩමිනි.
"මයේ දෙයියන්ගේ ලේ ධාතුව..."
දවස් දෙකක් තිස්සේ තමාගේ සිරුරට දැනෙන වෙනස්කම් නෙහාර සැක කලද මේ මොහොතේ නෙහාර එය තහවුරු කර ගත්තේය.මෙය තහවුරු කරගත් විගස ප්‍රතාප්ට කියන්නට සිහින මැව් අයුරු නෙහාරට සිහි විය.ඔහුගේ දෑසේ කඳුළු අලුත් විය.බිත්තියට හේත්තු වී බොහෝ වේලාවක් හඩා වැටුණු නෙහාර සෙමින් සෙමින් තම නිරුවත් දෙපා හඩ නෑසෙන සේ තබමින් ඇදට ගොඩ වූවේ ප්‍රතාප් අවදි නොවන ලෙසය.නෙහාරගේ උණුසුම දැනුන හැටියේම ඔහුව තමා වෙත තුරුළු කරගත් ප්‍රතාප් නින්දෙන්ම නෙහාරගේ හිස සිප ගත්තේය.
"කොහෙද ගියේ මගේ වස්තුව..."
"ම්ම්...දොයියන්න...තව වෙලා තියෙනවා..." නෙහාර කීවේ ප්‍රතාප්ගේ හිස අතගාමිනි.
"ම්ම්හ්හ්..."
බොහෝ වේලාවක් ප්‍රතාප්ගේ හිස අතගාමින් කල්පනා කරමින් උන් නෙහාර නින්දට වැටුනේය.
"ම්ම්ම්හ්..."
නින්දෙහි උන් නෙහාර ඇහැරුණේ ඔහුගේ පිටුපසින් දැනෙන සීතල පහස නිසාය.