ප්රතාප් තම ඇදුම්ද පිළිවෙලට හදාගෙන දොර විවර කලේය.
"Mr.Prathap.."
"අවසරයක් නැතුවම බලෙන්ම මගේ ඔෆිස් එක ඇතුළට ආවා කියලයි මට හිතෙන්නේ...?සිකියුරිටිවත් මගේ recipient වත් මට inform කලේ නෑනේ.."
"හදිස්සි පරීක්ෂණයකට ආවේ සර්.."
"කෝ වරෙන්තු..." ප්රතාප් ඇසුවේ සාක්කුවට අත් දෙක ඔබා ගනිමිනි.
"මේක හදීසී පරික්ෂණයක් සර්.."
"එහෙමද..?ඒත් මට අවසර දෙන්න බෑ..ඔයාලාට ඕනි ඕනි වෙලාවට හදිස්සියේ රෂියන් ඔෆිස් එක්කට කඩා පනින්න එච්චර ලේසි නෑ..මේක ලංකාවේ තියෙන්නේ..ඒත් මේ ඔෆිස් එකට කඩා වැදිලා පරික්ෂණ කරන්න කලින් ලොකු process එකක් වෙන්න ඕනි...උසාවි නියෝග නැතිව මේවා පරික්ෂා කරන්න බෑ..."
"ඔෆිස් එක පරික්ෂා කරන්න නෙවෙයි සර්..Mr Nehara ගෙන් ප්රශ්න කරන්නයි ඕනි..."
"ඔහ්..Mr Nehara Wickramasingha...මගේ partnerව.."
"ඔව් සර්..."
තම පුටුවේ ඉදගෙන කකුලක් පිට කකුලක් දා ගත් ප්රතාප් පැමිණ සිටි පොලිස් නිළදාරින් දෙදෙනා දෙස බැලුවේය.
"ප්රශ්න කරන්න හේතුව...?"
"Mr.Romesh ට පහර දීලා බරපතළ තුවාල කිරීම ගැන..Mr Neharaට වගේම Mr Virajaටත් එරෙහිව කට උත්තර ලැබිලා තියෙනවා.."
"බරපතළ තුවාල..?"
"ඔව් සර්..Mr.Romesh දැන් ICU එකේ..?"
"එයා කිව්වද මිස්ටර් නෙහාරයි,විරාජයි ගැහුවා කියලා.."
"ඔව් සර්...එයා කට උත්තර දුන්නා.."
"මාරයිනේ..පැහැදිලි කට උත්තර දෙන්න හැකියාවක් ICU එකේ ඉන්න මනුස්සයාට තිබුණද..?"
"සර්..."
"අයිසේ මං ඇහුවේ ICU එකේ ඉන්න මනුස්සයා පැහැදිලි කටඋත්තරයක් දුන්නාද කියලා...?" තමා ඉදිරියේ වූ මේසයට අතින් පහරක් ගසමින් ප්රතාප් ඇසුවේ පුටුවෙන් නැගිටිමිනි.
"සර්.."
"ඒ මිනිහට කට උත්තර දෙන්න හයියක් තිබ්බා නම් ඌ කොහොමද ඕයි ICU ඉන්නේ...?හරි....මේකයි සිද්ධිය..ඔය මනුස්සයාගෙන් මගේ partner ට අතවර වෙලා තියෙනවා.."