තද හිසේ කැක්කුමක් සමඟ නැඟිටුණු නෙහාර ඇස් පොඩි කරමින් වටපිට බැලුවේය.තවමත් ප්‍රතාප්ගේ අත තම හිස මතය.තමාව තදින් තුරුළු කරගෙන උන් ප්‍රතාප් දෙස නෙහාර බලා උන්නේ ආදරේ උතුරන දෑස් වලිනි.
ප්‍රතාප්ගේ රැවුල් ගස් පිරුණු කම්බුල් නෙහාර සෙමින් අතගෑවේ ලෝභ කමිනි.
"මනුස්සයෙක්ට මේ තරම් ආදරේ දෙන්න පුළුවන් ද මගේ අයියේ...ආදරේ වෙනුවෙන් මේ තරම් දේවල් කරන්න පුළුවන්ද..?කොහෙන් කොහොම නවතින්න හිටපු මාවද ඔයා අද මං මේ ඉන්න තැනට ගෙනාවේ...තිස්තුන් කෝටියක් දෙවියන්ගෙන් ඉල්ලපු පුංචි දේත් එයාලා ඉෂ්ඨ කලේ නෑ අයියේ..ඒත් ඔයාගෙන් දේවල් ඉල්ලලා නැතත් ඔයා ඒ හැමදේම කරලා දෙනවා..ගොඩේ නෙහාර පොශ් වෙලා..කතා කරන වචන අලුත් වෙලා..කියන දේවල් වලට එහෙන් මෙහෙන් ඉංග්‍රීසි වචන එකතු වෙලා..වේස පද වෙනුවට මිස්ටර් නෙහාර, නෙහාර සර් වෙලා..ඒත් කවදාවත් මං වෙනස් නොකරන වචනයක් තියෙනවා..ඔයා ළඟ ඉන්න හැම වෙලේම මගේ කටින් එළියට එන වචනේ..ඒ මගේ දෙයියෝ...ඔව්..ඔයා මගේ දෙවියෝ..ඉල්ලන්න කලින් හැමදේම දීපු...වෙන අය ගැන හැමතිස්සෙම දෙවියන්ට බලන්න බැරි නිසාලු අප්පච්චි මේ ලෝකෙට එව්වේ..ඒත් මං ගැන බලන්න මේ ලෝකෙට දෙවියෝ එව්වේ ඔයාව...මගේ අප්පච්චි..."
ප්‍රතාප්ගේ මුහුණ දෝතින්ම ගෙන නෙහාර හාදු කිහිපයක්ම තැබුවේ ඔහුටවත් දරා ගත නොහැකි ආදරයක් හිතේ පිරී ඉතිරෙද්දීය.
එක්වරම යමක් මතකයට ආවා සේ නෙහාර බිත්තියේ තිබුණු ඔරලෝසුව දෙස බැලුවේය.
"මලහත්තිහුත්තයි...7.30 වෙලාව.. නෙහාර තව පැයයි තියෙන්නේ..." හදිස්සි වූවත් ප්‍රතාප් නොඇහැරෙන ලෙස සෙමින් තමා වටේ එති තිබූ දෑත් ඉවත් කල නෙහාර ඉක්මනින් ඇදෙන් බැස කුස්සියට දිව ගියේය.
ඊයේ රාත්‍රියේ ගත් දේවල් එහෙම්මමය.ඒවා අස් කරන්නට වෙලාවක් නැති වෙද්දි ඉක්මනින් හාල් ටික සෝදා කුකර් එකට දැමුවේය.ප්‍රතාප් බාස්මති ඇරෙන්නට අනෙක් හාල් වලට කැමතිම නැත.ඇඟටත් ගුණයි කියමින් ප්‍රතාප් සෙව්වේම බාස්මතිය.අල ගෙඩි තුනක්ද ඉක්මනින් සුද්ද කර steam වෙන්නට rice එකේම උඩ කොටසට දැමූ නෙහාර මීට් බෝල් පැකට් එකක් ගෙන එය චිකන් සාදන ආකාරයටම සාදා ගත්තේය.පරිප්පු ටිකක්ද ගෙන තෙල් දැමූ ඔහු තැම්බී තිබූ අල ටිකද කෑලී කතා කිරි හොද්දක් සෑදුවේය.