"නෙහාර ඉස්සරහින් නඟිනවා ඇවිත්..."
"මං පිටිපස්සේ ඉන්නම් චූටි බේබ්.."
"මම දැන් සැරයක් කිව්වා.." අවසානයේ ප්‍රතාප් කීවේ අවධාරණයෙනි.පිටුපස අසුනින් බැසි නෙහාර ඇවිත් passenger seat එකේ ඉද ගනිද්දි ඇන්ඩ්‍රියා පිටුපස ආසනයට ගොඩ වූවේය.
"චූටි බේබිගේ නෝනා ගොඩාක් ලස්සනයි..." මද දුරක් නිහඩව පැමිණි නෙහාර කීවේ අහින්සක ලෙස සිනාසෙමිනි.
"ඕ මගේ නෝනා කොහොමත් ලස්සනයි.." ප්‍රතාප් ද ගාණක් නැතුව සිනහාවෙමින් කියද්දි හිතට දුකක් දැනුනත් ඔහු අවංකව සිනාසුණේය.
"චූටි බේබිගේ නමේ දැඩි කියලා කෑල්ලකුත් තියෙනවද..?"
"නෑ ඒ මොකක්ද..?"
"ඇයි මේ නෝනා දැඩි කියලනේ චූටි බේබිට කතා කරන්නේ.."
"දැඩි නෙවෙයි බං ඩැඩි..ඒක නිකන් nick name එකක්..ඒ ගැන හිතන්න එපා.."
"ඒ කිව්වේ මොකක්ද චූටි බේබි.."
"Nick name කියන්නේ අපි මනුස්සයෙක්ගේ ඇත්ත නම වෙනුවට ලේසියට පහසුවට ආදරේට එයාට කතා කරන්න දා ගන්න නම.."
"ආඅ...ඒක...චූටි බේබිට මාත් ඩැඩී කියන්නද..?"
ප්‍රතාප්ට කෙල පිට උගුරේ ගියේ ප්‍රතාප් ඇසූ පැනය නිසාය."එ...එපා...ඒක එයා කියන එකනේ උඹ කියන්න ඕනි නෑ..."
"ම්ම්ම්..."
"වැඩකාරයාට මොකටද එහෙම නම්..ඒක චූටි බේබිගෙයි නෝනාගෙයි දෙයක්නේ.." නෙහාර යන්තමින් එළිය වැටෙන යාමයේ පාරේ එහා මෙහා මාරු වෙන වාහන දෙස බලාගෙන සිතුවේය.
"නෙහාර...අද ඉදන් සතියක් ඔයා උයන්න ඕනි නෑ..කඩෙන් කමු.."
"තුන් වේලම කඩෙන්...?මට ලොකු නෝනා කිව්වේ චූටි බේබි ලංකාවේ කඩ කෑම කන්න ආස නෑ කියලා..අනික මං දැකලත් තියනවා චූටි බේබි කඩෙන් කෑම ගෙනාවම කන්නේ නැතිය කියලා..යස අපූරුවට තියෙයි එහෙම සතියක් කඩෙන් කන්න ගියොත්..ඔයාට විකාර චූටි බේබි..."
නෙහාර බනින දෙස ප්‍රතාප් බලා සිටියේ ආසාවෙනි.
"මූට මලපැන්නමත් කියුට්..මගේ කිටි පැටියා.." ප්‍රතාප් පිටුපස අසුනේ උන් ඇන්ඩ්‍රියා දෙස බලමින් කීවේය.