ප්රතාප් උදෑසන ආහාර order කර නෙහාරට කන්නට යැයි කියා ඔහු වැඩ කිරීමට වෙන් කරගත් කාමරයට ගොස් දොර වසා ගත්තේ ඔහු රාජකාරිමය කටයුතු කරන අවස්ථාවේ කවුරුත් ඔහුට බාධාවක් වනවාට ඔහු අකමැති නිසාය.
නෙහාර නම් කෑම මේසයට වී ඔහේ ඉදගෙන උන්නේ ප්රතාප්ද තවමත් ආහාර නොගත් බැවිනි.
නෙහාර පැයක් පමණ ඔහේ ඉදගෙන උන්නේ කම්මැලි කමිනි.ඔහුට කිසිවක් නොකර ඔහේ ඉද හුරු නැත.බඩගින්න නම් නොදැනුනේ ඔහුට බඩගින්න නුහුරු දෙයක් නොවූ නිසාය.
ඔහු කෑම මේසයේ වාඩි වී ප්රතාප් ඇතුළු උන කාමරය දෙස බලා උන්නේ එහි දොර ඇරෙන්නේ කීයටද කියාය.
දෙතුන් වතාවක්ම දොර දෙසට ගොස් නැවත හැරී ඇවිත් වාඩි වූයේ ප්රතාප්ට බාධා කිරීමට ඔහුටද නොසිතුණු නිසාවෙනි.
"ලොකු බේබිවත් හිටියා නම්.." නෙහාර සිතුවේ කම්මැලිකමෙනි.
බලා ඉදලා බැරිම තැන මූණ සෝදන්නට ගිය නෙහාර ඊළඟට තැවුන කාරණාව වූවේ එහි දත් බෙහෙත් හෝ දත් බුරුසු නොවූ නිසාය.
"අයියෝ...අඟුරු කෑල්ලක්වත් නෑනේ..දත් මැද ගන්න...චූටි බේබි මොකෙන්ද දන්නේ නෑ මැද්දේ...?ඒක ඉතින් අහන්න එයා එනකල් ඉන්න එපැයි එළියට..."
නානකාමරයෙන් ආපසු එළියට පැමිණි නෙහාර කෑම මේසයේ පුටුවක වාඩි වී ප්රතාප්ගේ කාමරයේ දොර දෙස බලා උන්නේය.
"චූටී බේබිට තේ එකක්..ම්හුක්..ඒත් ඉතින් කෝ තේ කොළ...අනේ මන්දා අප්පා මේ ළමයින්ගෙත් වැඩ...කිසි පිළිවෙලක් නෑනේ..."
"මොනාද ඔය කුටු කුටු ගගා කියවන්නේ..."
"අහ්..චූටි බේබි ඒකේ ඇතුලෙන් එළියට ආවද..?"
කාමරයේ දොර අරින විට නෙහාර ඒ ඉදිරියේම කෑම මේසයේ ඉදගෙන කුටු කුටු ගාණ නෙහාරගෙන් ඇහැවත් ඊට පිලිතුරක් වෙනුවට නෙහාර කෑම මේසයෙන් නැගිට ප්රතාප් උන් කාමරයේ දොර ඇර ඇතුලට එබී බැලුවත් එහි මේසයක් මතලැප් ටොප් එකක් හා moniters තුනක් පුටුවක් ඇරෙන්නට එය සම්පූර්ණ හිස් කාමරයකි.
"ඔයා මොනාද ඒකේ ඇතුලේ එච්චර වෙලා කලේ චූටි බේබි..?"
"ඔෆිස් එකේ වැඩ දරුවෝ..."