Chapter 37

6.4K 766 74
                                    

"නේශූ..."

නිහඩව මූණ පසෙකට කර සඟවාගෙන යන නෙහාරගේ අතින් අල්ලා ගත් ප්‍රතාප් මිමිණුවේය.

"ලැජ්ජා වෙන්නේ මොකද දැන් ම්ම්ම්...?"

"ලැජ්ජා නෑ..."

"එහෙනම් මොකෝ ඔය මූණ අස්සේ ගහන් යන්නේ..ම්ම්?"

"කිස් එකට චුට්ටක් දුරින් ගියා කියලා මොකද වස්තුවේ ඔය ලැජ්ජාව..."

"මට ලැජ්ජාවක් නෑ අප්පා..චූටි බේබි මාව ලැජ්ජා නොකර ඉන්නකෝ..."

"මොකද කියන්නේ නේශූ ෆිල්ම් එක හොඳද..?"

"අනේ ඉන්න...ඔයා මහා නරකයි අප්පා.."

නෙහාරගේ ඔලුව අතගෑ ප්‍රතාප් මද සිනහවක් පෑවේ නෙහාර හරිබරී ගැසී ශීට් එකේ වාඩිවෙද්දීය.නමුත් නෙහාර සිතන්නටත් පෙර ප්‍රතාප් ඔහුගේ කොණ්ඩය පිටුපසින් අල්ලා තමා වෙත ඇද ගත්තේ නෙහාර ශීට් බෙල්ට් එක නිසා මගින් නතර වූවත් ශීට් බෙල්ට් එක නොවූවා නම් නෙහාර නවතින්නේ ප්‍රතාප් උකුලේය.

එක් අතකින් ස්ටියරින් වීල් එක අල්ලා ගත් ප්‍රතාප් අනෙක් අතින් නෙහාරගේ කොණ්ඩය තදින් අල්ලාගෙන ඒ දෙතොල තම දෙතොල් ග්‍රහණයට ගත්තේය.

"අයියේ...මේක පාර...අපි හැප්පෙයි..."

"හිතන්න එපා...ඒක auto driving..."

"ඈහ්...?"

"I can't wait..."

ප්‍රතාප් උන්නේ මදක් කලබල වී මෙනි.නෙහාර තරවත් උන්නේ ප්‍රතාප්ගේ ග්‍රහණයේයෙ.

"අයිම්ම්ම්හ්..."

ප්‍රතාප් නැවත ඉවසීමක් නොමැතිව නෙහාරගේ දෙතොල් සිප ගත්තේය.විනාඩි දෙක තුනකට පසු නෙහාර හුස්ම ගන්න මුදා හැරි ප්‍රතාප් නැවත ඔහුගේ දෙතොල් සිය ග්‍රහණයට ගත්තේය.

ප්‍රතාප් ටිකින් ටික රළු වෙද්දි නෙහාරට දැනුනේ වේදනාවකි.සැරින් සැරේ තම දෙතොල් ප්‍රතාප්ගේ දත් වලින් තද වෙද්දි නෙහාරගේ දෑස් වලින් කඳුළු බිදු ගලා ගියේය.ටිකෙන් ටික මුවට දැනෙන මලකඩ රස සමඟ තම දෙතොල් වලින් ලේ මතු වන බව නෙහාර තේරුම් ගත්තේය.

මදවේලාවකින් නෙහාරගේ දෙතොලින් මිදුණු ප්‍රතාප් අඩවන් දෑසින් ඒ දෙතොල් දෙස බලා උන්නේ කෑදරකමිනි.

නුඹ වෙනුවෙන් Where stories live. Discover now