zhan ' s pov
ආපු දවසෙම මොලේ හෙල්ලිලා යන ප්‍රශ්නයක් විසදන්න සෙට් වුනාම දැනෙන සනීපේ............. අද රෑට නිදි කුමාරිව බලන්න වෙන්නෙත් නෑ ශුවර් . කිව්වට මොකෝ කැප්ටන් ඉන්න තැන ඩොක්ටර් කුවාන් එක්ක හෙන පොර වගේ ගැම්මෙන් කතා කරලා බොඩී එක බැලුවට දැන්නම් නිකන් ඔලුව වටේ මිනී ඔලු පාවෙනවා පාවෙනව වගේ.
ඇත්තටම බයක් නෙවේ ඒක . මට තේරෙන්නෙ නෑ විස්තර කරන්න. මාත් ඩොක්ටර් කෙනෙක් හොස්පිට්ල් එක ඇතුලේ ඕන තරම් මිනිස්සු මැරෙනවා මන් දැකලා තියනවා. මගේ ඉස්සරහම හුස්ම ගැටගහගන්න බැරුව මැරුණ ඒවා දැකල තිබ්බට මේක මගේ ඔලුවට හරිම බරක්....... තේරෙන්නෙ නෑ ඇයි කියලා ඒත් මට මේක ගැන දැනෙන්නේ මහ මූසල හැගීමක් .
ලෙඩක් දුකක් හැදිලා බෙහෙත් කරලා බේරගන්න බැරිම වුන අවස්ථාවක මැරෙනවා වගේ නෙවේනෙ.... බැලූ බැල්මට සාමාන්‍ය විදිහට තිබ්බට කාලයක් තිබුනු ආසාවකට අපරාධ පරීක්ෂණ විද්‍යාව ඉගන ගත්ත නිසා කියන්න පුලුවන් මේක මිනීමැරුමක් කියලා. මන් හිතන්නෙ කැප්ටනුත් ඒක දන්නවා . අනික එහෙම වෙන්න එපැයි. ඒකයි එයා එච්චරට ඒක ගැන හොයන්නේ.
අනික කැප්ටන් ඒක අපිට එතනදි නොකියා ඉන්නත් එයාට හේතු තියෙන්න ඇති. මාත් ඒකයි එතනදි නොකියා හිටියේ බොඩි එක ඕපන් කරාම සාක්ශි එක්කම ඒක ඔප්පු කරගන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසා. තවත් ඒවගේම එකක් තියනවා කීවනේ මට දැන් ඒකත් බලනකන් ඉවසිමක් නෑ වගේ. මොකද මන් වැඩක් පටන් ගත්තොත් ඒක මට කොහොමහරි ඉවර කරන්න ඕන මට සැටිස් වෙන විදිහට. ඒක මගේ විදිහ . ඉදලා ඉදලා බැරිම තැන තමා මන් කැප්ටන් හම්බෙන්න ගියේ. මොකද මට දැනෙනවා මන් නොසන්සුන් කියලා.
**
අනේ මන්දා කැප්ටන් ලග ඉද්දි ඔක්කටම හපන් වගේ. හරි අමුතුයි දැනෙන හැගීම
ශාන්....... මගේ නමේ මන් ආසම කෑල්ල . ඒවගේම කවුරුත් මට නොකියන කෑල්ල. අනේ මන්දා කැප්ටන් එහෙම කියන්නද ඇහුවම ඔලුව වටේ මල්වෙඩි පත්තු වුනා වගේ. මොකද මම ආසයි එහෙම කතා කරනවට එහෙම නැතුව මේ ඔයාලා හිතනවා වගේ වෙන දේකට ඒම නෙවේ හුම්.......
එයා එක්ක කතා කරද්දි තමා තේරුනේ කැප්ටන් කියලා වෙනසක් නෑ එයාටත් මේක සෑහෙන ලොකු අවුලක් කියලා. මොනා නැතත් පව් එයා හරිම strees එකේ වගේ ඉන්නේ . මගේ පැත්තෙන් මට පුලුවන් විදිහට එයාට support එක දෙනවා මම . දන්නෙ නෑ ඇයි කියලා කැප්ටන් එහෙම ඉද්දි මගේ පපුවත් එක්ක රිදෙනවා වගේ. ඩොක්ටර් කෙනෙක් වුන මටත් හිතාගන්න බෑ එහෙම වෙන්නෙ ඇයි කියලා.
![](https://img.wattpad.com/cover/336050030-288-k777190.jpg)
YOU ARE READING
Love Mirror ✅
Fanfiction**** Enjoy your life - we will be here to save it ! We care for you - inside and out ! Taking care of you since - Well beginning of time ! ****