chapter 8

1K 139 46
                                    

" බය වෙන්න එපා එයාලට මොකුත් වෙන්න දෙන්නෙ නෑ  කැප්ටන් .  ඔක්කටම කලින් ඔයා ඉදගන්නකෝ මෙතන........ "

ශාන් කැප්ටන් එක්ක කතා කර කර ඉද්දි කලබලෙන් වගේ එතනට ආවේ බින්.

" සීනෝ ......... වැඩේ ටිකක් සීරියස් වගේ කොල්ලෝ ......"

" මම එනකන් ABC චෙක් කරන්න බිනා.... ඉක්මනට එනවා "

බින්ට එහෙම කියන ගමන් ශාන් වට පිට බැලුවේ කාවහරි හොයන්න වගේ.

" ඔහ්..... ජෙෆී පොඩ්ඩක් මෙහාට එන්න කොල්ලෝ  "

" ඇයි ඩොක්ටර් සීන්...... අප්පා...... කැප්ටන් අතින් ලේ යනවා නේදෙ..."

" ඒක තමා එන්න කීවේ. කැප්ටන් ගේ අත බලන්න . මම තියටර් එක ඇතුළට යන්න ඕන දැන් "

" ඒත් ඩොක්ටර් ... අනේ මේක වෙඩි වැදිලානේ...... මන් තනියෙන් කොහොමද ........... "

" ලේ යන එක නතර කරලා වේදනා නාශක දෙන්න . මේක ඉවර කරලා මන් එන්නම් "

ජෙෆීට ඕන උපදෙස් දීලා ශාන් කැප්ටන් දිහා බැලුවෙ වේදනාවෙන් .

"  කොහෙවත් යන්න බෑ කැප්ටන් ජෙෆී බෙහෙත් දුන්නම අරගෙන මෙතනම ඉදගෙන ඉන්න ඕන ........ තේරුනානේ කියපු දේ. "

"හ්ම්ම්ම්ම්......."

****

" මන්  කීවා නේද සීනෝ ...... මේවා දැක්කහම බය හිතෙනවා බන් ඊළඟ දවසේ අපිට වෙඩි කන්න වෙයිද කවුද දන්නෙ බන් "

තියටර් එක ඇතුළට ඇවිල්ලත් බින් නහයෙන් අඩන්න ගත්තේ ශාන්ට නම් බිනාට දෙකක් අනින්න තරම් හිතෙද්දි.

" කට වහගෙන වැඩේට අවදානේ දීපන් බන්. අපි වෙඩි කන්නේ මොකෝ. අපි යනවැයි වෙපන් උස්සන්  ෆයිට් කරන්න ......... . ෂියී  ## වල ප්‍රෙශර් එක පොඩ්ඩක් වැඩි කරන්න. "

" හරි ඩොක්ටර් ........ ඒත් ඩොක්ටර් මේ ...... හාට්බීට් එක ටික ටික අඩුවේගෙන එනවනේ ...."

" කලබල වෙන්න එපා..... තව ටිකයි තියෙන්නේ . එතකොට එයා අවදානමෙන් නිදහස් "

හිමීට හොද ඉවසීමෙන් ඔපරේෂන් එක කරන ගමන් ශාන් කිව්වෙ ඒක අනිත් අයටත් සහනයක් වෙද්දි.

" මෙයා මොනා නැතත් මාර ලකී නැද්ද සීනෝ ..... තව ටිකක් එහෙ මෙහෙ වුනානම් ........ "

Love Mirror  ✅Where stories live. Discover now