chapter 16

901 119 60
                                    

zhan's  pov

කාලය එක තැන නතර කරගෙන ඉන්න පුලුවන් නම්

එහෙම පුලුවන් නම් මන් කැමතී තාමත් කෑම්ප් එකේ නිස්කලංකම තැනට වෙලා කැප්ටන් එක්ක මට ඇතී හිතෙනකන් එතනට වෙලා ඉන්න. ඔයාලා හිතනවා ඇති මට පිස්සුද කියලත්. කැප්ටන් කවුද මගේ නේද. මාත් හිතුවා සෑහෙන වෙලාවක් . එදා කැප්ටන් ශාන් කියලා කතා කරපු පළවෙනි දවසේ ඉදන් අද වෙනකන් හිතුවා. තාමත් හිතනවා . තේරුමක් නැතිව තේරුම් ගන්න බැරිව . හ්ම්ම්...... අද තමා හරි උත්තරේ හම්බුනේ. මන් දන්නෙ නෑ කැප්ටන් ගේ හිතේ මොනවා තියනවද කියලා ඒත්

ඒත් මගේ හිතේ නම් දැන් කැප්ටන් ඉන්නේ මටවත් හිතාගන්න බැරි තැනක. පළමු බැල්මෙන්ම ආදරේ ඇතිවෙනවා කියලා කට්ටිය කියනවා අහලා තිබ්බට මන් අද වෙනකන් හිතන් හිටියේ ඒක නිකන් කතාවට කියන දෙයක් කියලා. ඒත් එහෙම නෑ. පලවෙනි බැල්මෙන් වුනත් හිත හොල්ලන්න පුලුවන් අය ඉන්නවා  . පේන්නෙ නැද්ද දෙන්නෙක් නිසා මගේ හිතත් හොදටම හෙල්ලිලා ඉන්නෙ. දෙලොවක් අතර අතරමන් වෙලා වගේ.

වීරයෙක් වගේ ඇවිත් මාව බේරගත්ත brigadier කෙනෙක් , දැකපු තත්පරේ ඉදන් මාව හොදටම තේරුම් ගන්න ලග ඉන්න හැමවෙලාවකම කෙනෙක්ට ලැබැන්න පුලුවන් හොදම රැකවරණ ලැබෙනවා වගේ දැනෙන ; කියන හැම වචනයක් ගානේ හදවතේ ගැඹුරට ම කාවදින තවත් brigadier කෙනෙක්. අනේ දෙන්නම එක්කෙනෙක් වුනානම් .

දන්නෙ නෑ ඇයි කියලා තවටත් මට බේස්ලට් එකේ අයිතිකාරයා හොයාගන්න ඕන. අනේ ඒත්.... කැප්ටන් ගේ උරහිසේ ඔලුව තියන් ඉද්දි හිත නිවෙනවා මාර විදිහට .  අම්මාගේ උකුල බිනාගේ පපුව වගේම තමා කැප්ටන්ගේ උරහිස . මේ ඔක්කටම හපන් නලලට එයා දීපු ඒ චූටි කිස් එක . මුලු ඇගම නිකන් හිරිවැටිලා ගියා වගේ. ලොකේ කැරකෙන එකත් එක මොහොතකට නතර වුනා වගේ. ඒ දැනුනු හැගීම වචන කරන්න තේරෙන්නෙ නෑ.

අයියෝ සාමී........ දෙලොවක් අතර මා.... තනිවුනා.......

WK ..... හ්ම්ම්........  මන් මොනවද ඔයා ගැන දන්නේ.  ඒත් කැප්ටන් .........

ඔව්  මන් ඔයාව  හොයාගන්නවා. හැබැයි  තෑන්ක්ස් කරලා මට අයිති නැති දේ දෙන්න  විතරයි . මන් දන්නෙ නෑ කවදා කොහොමද කියලා ඒත් මන් හිතන්නේ කැප්ටන් ගැන මේ හිතේ මේ තියෙන්නේ ආදරයක් තමා.

Love Mirror  ✅Où les histoires vivent. Découvrez maintenant