" අඩෝ යිබෝ ....... සුනාමියක් එනවා යකෝ ..... "
" ඈ...... ඒ පාර මොන ගිනිගෙඩියක්ද "
" මොකක්ද කුවාන් ගගා ප්‍රශ්නේ "
" යැංසියා එනවා යකෝ..... "
" ආ ඇයි දන්නෙ නෑ හදිස්සියේ ................ ඈඈ..... මොකක් කීවා ...... "
" මොකක් නෙවේ යකෝ... තනියෙන් නම් කමක් නෑ මාර දූවරු දෙන්නත් එක්කම එන්නේ "
කියන්න සතුටුයි කැප්ටන්ගේ මූණ සුදුමැලි වුනේ බලාගෙන ඉද්දි. ඒ හා සමානයි කුවාන්ගේ මූණත්.
" කැප්ට......න් "
" කියන්න මැණික "
" දැන් මොකටද ඒ ප්‍රියම්බිකාව එන්නේ කියනවා බලන්න. එතකොට කවුද මාර දූවරු දෙන්නා "
" එන්නේ මොකටද කියලනම් මාත් දන්නෙ නෑ රන්. වැරදියට හිතන්න එපා හොදේ. මන් ඔය මගුලට කැමති නෑ කියලා කලින්ම මමාට කියලනේ තියෙන්නේ "
" හරි එතකොට අනිත් ප්‍රශ්නෙට උත්තරේ . ඒ කවුද "
" අර හොල්මනගේ යාලුවො දෙන්නා ඩිඩි "
" ඉතින් ඒකට බයවෙන්නෙ මොකද ඇවිත් යන්නෙ නැතෑ.... නේද කැප්ටන් "
" ඒකනේ නේද කුවා " ගිරේට අහු වුන පුවක් ගෙඩියක් වගේ ෆීලින් එකක් දැනෙද්දි කැප්ටන් කීවේ කුවාන්ට බයටම කෙල ගිලෙද්දි.
" උබට ප්‍රශ්නයක් නැති වුනාට ඒක මට ප්‍රශ්නයක් නේ යකෝ. අර මලහෝන්තුවගේ නල්ල මලේ යාලුවා දකින දකින තැන මගේ කරේ නගින්න හදනවා. මගේ මිනිහා ඕක දැක්කොත් පන පිටින් මාව කෑලි කරයි "
" හහ්....හහ්....හා....... අම්මෝහ් .........ගගා........ "
" මොකද මොකද දැන් උබ ඔය හිනාවෙන්නෙ ඈ ඩිඩී ..... "
" අම්මෝහ් .........හාහ්හ්......පොඩ්ඩක් ඉන්න....... හිනා වෙලා ඉවර වෙනකන්............ ආහ්...... ඔයා අපේ බිනාට එච්චරටම බයයිද අයියෝ "
" ඒකට කියන්නෙ බය කියලා නෙවේ ඩිඩී..... මොකක්ද මේ ....... ආහ් හරි ගෞරවය කියලා කියන්නේ "
" ආ....... හාහා......... "
කැප්ටන්ගේ ඒවගේම ඩොක්ටර් කුවාන්ගේ සුදුමැලි වෙලා තියන මූණු දිහා බලාගෙන ශාන් තාමත් හිනා වෙන්නේ බඩත් අල්ලන්.
STAI LEGGENDO
Love Mirror ✅
Fanfiction**** Enjoy your life - we will be here to save it ! We care for you - inside and out ! Taking care of you since - Well beginning of time ! ****