chapter 38

612 106 24
                                    

" කැප්ටන් වංග් යිබෝ ......"

කන්බෙරේ පැලෙන සයිස් එකෙන් කාමරේ තිබුණ පුටුවක ඉදගෙන ඉදලා නැගිටින ගමන් ශාන් බෙරිහන් දුන්නේ කුවාට නම් හීන් දාඩිය දාද්දි.

" ආ...... ශාන් ..."

"........."

" ඔයා දැන්ද ආවේ. මන් මේ කුවාන් එක්ක ශර්ලොක්ගේ ගුහාවට පොඩ්ඩක් ගියා "

"............"

" ඇයි මේ මූණ අයියෝ ඔයා බොරුවට කලබල වෙලානේ "

"...."

කැප්ටන් කොච්චර එක එක ඒවා කීවත් ශාන් ඒ කිසි දේකට උත්තර නොදී බලාගෙන හිටියේ කුවානම් මීක් නොගාද්දි. මොකද ශාන් කෙලින්ම බලන් ඉන්නෙ ලේ ඇවිත් තියන කැප්ටන්ගේ අත දිහා කියලා කුවාන් කලින්ම දැක්කා.

" ශාන්...... මගේ චූටු දොස්තර මහත්තයෝ....."

ම්හුක් කැප්ටන් කොච්චර කතා කරත් මොකුත් ඇහෙන්නෙ නෑ වගේ හිටිය ශාන් බින්ට කෝල් එකක් ගත්තේ කුවාන්ට තරු පේද්දි.

" හෙලෝ බිනා ......"

" මන් අර උදේ අරන් තිබ්බ බෙහෙත් ටිකයි අලුතින් සේලයිනුයි වෙලුම් පටියි අරන් අර උවමනා වෙයි කියලා තිබ්බ ඉන්ජෙක්ශන් එකත් අරගෙන එනවකෝ මේ අපේ බ්‍රිගේඩියර් සර් ඉන්න රූම් එකට "

කර කියා ගන්න දෙයක් නැතුව කැප්ටන් කුවාන් දෙන්නා නිහඩව බලන් හිටියේ නඩුකාර තුමා විත්තිකාර පාර්ශව වලට කතා කරන්න අවස්තාවක් දෙනකන්.

ඒත් මොන........... විත්තිකාර පාර්ශව වලට කතා කරන තියා නඩුකාරයත් ෆුල් සයිලන්ට් . මන් හිතන්නෙ කට්ටිය එන්න කලින්ම නඩුව විභාග ක්‍රලා තීන්දුව දීලාත් ඉවරයි වගේ. සෝචනීයයි මහත්වරුනි.

බැරිම තැන කැප්ටන් කුවාන්ට ඇස් වලින් ශාන්ව පෙන්නලා කීවේ ශේප් කරලා දෙන්න කියලා.

" ඩිඩී...... මේ අහන්නකෝ..... අපි මේ......"

" දෙන්නම කට වහගෙන ඉන්නවද ආ......... නැත්තන් මෙච්චරලා හිටපු දිහාවටම ආපහු යනවා....."

කුවාන් කතා කරලා ඉවර වෙන්නත් කලින් ශාන් කෑ ගැහුවේ කුවා ක්ශනිකව නිහඩ වෙද්දි.

ඒත් එක්කම ශාන් කියපු දේවලුත් අරන් බින් කාමරේට ආවේ කුවාන් හැංගෙන්න බිත්තර කටු හොයද්දි.

Love Mirror  ✅Where stories live. Discover now