chapter 48

526 89 47
                                    

" සාජන් සෝහා .............. "

දොර ගාවින් ඇහුන පොටර් ගේ සද්දෙට සෝහා හිටි තැන නතර වුණේ කියන්න ගිය වචන කට ඇතුළෙම හිරවෙනකොට. මොකද සාජන් සෝහා....... පොටර් එහෙම තමන්ව ඇමතුව පලවෙනි පාර මේ.

" yes caption "

පුදුමෙන් වගේම අකමැත්තෙන් වුනත් තමාට වඩා ඉහල නිළයක ඉන්න නිසත් දැන් මේ කෑම්ප් එකේ කැප්ටන් නිසාත් සැලියුට් කරන ගමන් සෝහා කිව්වේ ශාන් මේ මොකද වගේ බැල්මකින් බලන් ඉද්දි.

" මෙතන් මොකක්ද වෙන්නේ ...... "

" මොකුත් නෑ කැප්ටන් . අපි මේ ඩොක්ටර් සීන්ව බලන්න ආවා... "

" හරි එහෙනම් බැලුවනම් දැන් යන්න පුලුවන් "

" හරි කැප්ටන් ...... "

" ආ තව දෙයක් "

කැප්ටන් පොටර් කියන පමාවට යන්න ගිය සෝහා ... සෝහා විතරක් නෙවේ හේසෝන් ෂියී එක්ක අනිත් අයත් ආය පොටර් දිහා බැලුවේ ඒ පාර මොකක්ද කියන්න යන්නෙ බලන්න .

" ඩොක්ටර් හේසෝන් ..... සෝහා එක්ක එකතුවෙලා ඩොක්ටර් කුවාන් ඉන්න කාලේ ඔයාලා යටතේ ට්‍රේනින් වුණ වෛද්‍ය බලකායේ අයගෙන් හොදම හතක් තෝරන්න. ඒක අද දවස ඇතුළත වෙන්න ඕන. මොකද සතියක් ඇතුලත මේ මිශන් එක අපි කම්ප්ලීට් කරනවා හොදින් හරි නරකින් හරි . එතකොට ඩොක්ටර් සීන්ලා මෙහෙට එවලා තියෙන්නෙ ටික කාලෙකට. එයාලා තව සති දෙක තුනයි මෙහෙ ඉන්නෙ අපි එක්ක. ඒ කාලේ ඇතුළත එයාලා ගියාම මෙතන අඩුව පුරවන්න කට්ටිය අපි රෙඩි කරන්න ඕන. මොකද මේ තාවකාලික කෑම්ප් එක ස්ථිර කරන්න  හමුදාපතිතුමා තීරණය කරලා තියනවා. තේරුනාද ... "

" එහෙමයි කැප්ටන් ....... "

දීර්ඝ විස්තරයක් කරපු පොටර් අවසානෙට හොද හුස්මක් ගත්තේ හරියට  කටපාඩම් කරගෙන ආපු එකක් එකදිගට කියාගෙන ගියා වගේ. ඇත්තටම ඒක එහෙමද.......

පොටර් ට සැලියුට් කරපු හේසෝන් සෝහා ජෝඩුව යන්න ගියේ අනිත් අයත් දැන් මෙතනින් යන්න ඕනද වගේ බැල්මක් පොටර්ට දෙද්දි . මොකද අද මෙතන ඉන්නේ එයාලා දන්න පොටර් නෙවේ. වුණ දේවල් එක්ක දරදඩු වෙනම පුදගලයෙක් වුණ පොටර් .

Love Mirror  ✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin