Chapter 1 🌼

1.3K 87 5
                                    

A/N - කතාව කියවගෙන යනකොට මගින් stuck වුනොත් scrolling mode දාගෙන කතාව කියවන්න ලමයි.🙂 සිදුවෙන අපහසුතාවට සොරි.මං දන්නෙ නෑ එහෙම වෙන්නෙ ඇයි කියලා. 😥😐

----------------------------------------------------------------------------------

"ජියායා...... ලමයෝ නැගිටින්න අනේ. මාව රූම් එකට ගෙන්න ගන්න එපා....
අනේ මේ කෙල්ලනම් කවද හැදෙයිද මන්දා."

"යා ජියා... මං නොකිව්වයි කියන්න එපා. නැගිටින්න ලමයෝ. බලන්න දැන් වෙලාව කීයද කියලා."

ජියාගෙ ඔම්ම මේ උදේ ඉදන් කෑ ගහන්නේ ජියාව ඇහැරවන්න. ජියාට නම් ඔම්මගෙ කෑ ගැහිල්ලේ කිසිම ගානක් නෑ. තවත් හොදට ගුලි වෙවී නිදි.

"ජියා.. ඇත්තමයි මේ මං කියන අන්තිම පාර හොදේ. දන්නවනේ නැගිට්ටෙ නැත්තන් මොකද වෙන්නෙ කියලා.."

"අයියෝ හරි ඔම්මා...."

ජියත් එක පාරටම නිදි කඩ කඩම ඇහැරුනේ තව ටිකක් හිටියොත් ඔම්ම කරන්න යන දේ දන්න නිසා..

ආ ඔයාල බලනව ඇති නේ මං කවුද කියලා. මම කිම් ජියා. කිම් පවුලෙ එකම දුව. ඒ වගේම කිම් කෝපරේශන් එකේ CEO.

"ජියා ... තාමත් ඇද උඩද ආ. ලෑස්ති වෙලා එන්න ලමයෝ..."

"මේ එනවා..."

මං ගැන වැඩි විස්තර මං පස්සෙ කියන්නම්. ඔම්ම ආයෙම එන්න කලින් මං ලෑස්ති වෙන්න ඕනේ.

"අයියෝ sweetheart මොකෝ අනේ මේ උදෙන්ම කෑ ගහන්නේ. ජියා ඇහැරෙයි අනේ "

"අනේ මේ ඔයා කට වහන් ඉන්න යූ. ඔයා තමා එයාව නරක් කරන්නේ. ඕනෑවට වඩා හුරතල් කරන්න එපා අනේ ජියාව දැන්."

(ජියාගෙ ඔම්මා ජියාගෙ අප්පට කතා කරන්නේ යූ කියලා හොදේ)

"හරි හරි එහෙමයි කියලා ඔහොම කෑ ගහන්න එපා අනේ..."

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now