ටේ එහෙම කියලා කෝල් එක කට් කලාම ජියා ලොකු හුස්මක් පාත දාලා වාඩි වෙලා හිටිය තැනින් නැගිටේ එහා පැත්තෙ හිටිය ජන්ග්කුක් දිහාවත් නොබලා. ඒත් නැගිටලා යන්න ගිය ජියා ඒ වේගෙන්ම ආයෙ ඉන්දවුනේ ජන්ග්කුක් ජියාගෙ අතින් ඇද්ද නිසා. ජියා ඇසුත් ලොකු කරන් ජන්ග්කුක් දිහා බැලුවේ ජන්ග්කුක් ඇද්ද පාරට ජියා කෙලින්ම ගිහින් ඉන්දවුනේ ජන්ග්කුක් ගෙ ඔඩොක්කුවෙ නිසා.
"මොකෝ ම්ම්.. ඔච්චර ඇස් බෝල කරන්න එපා මැනික..."
ජියාගෙ ඉන වටේ අත් දෙක ඔතා ගන්න ගමන් ජියාගෙ බෙල්ල අස්සෙ ඉදන් ජන්ග්කුක් මිමිනුවේ ජියාව රතු කරවලා. මොකද ඉතින් ජියාට ජන්ග්කුක් ගෙ මේ වැඩ ගොඩක් මග ඇරිලයි තිබ්බේ. දවස් ගානකට පස්සෙ ජන්ග්කුක් මෙහෙම දේවල් කරන කොට ජියා රතු වෙන එක සදාරනයි.
"කෝ ඔය අත් දෙක ගන්න..මට යන්න දෙන්න..."
ඒත් ජියා තමන්ගෙ හැගීම් පාලනේ කරගෙන මුකුත් නොවුන ගානට ජන්ග්කුක් ගෙන් ඈත් වෙන්න හැදුවම ඒකෙන් වුනේ ජන්ග්කුක් ගෙ ග්‍රහණය තව වැඩි වුන එක. ජන්ග්කුක් තවත් ජියාව එයාගෙ අත් අතර තද කරගත්තේ ගැලවිලා යන්න ලේසි නොවෙන්න.
"මැනික මට සමාවෙන්න... ම-මම මැනිකට අත ඉස්සුව නේද... මට සමාවෙන්න බබා. මට.. මට එවලේ තරහ ගියා මැනික.. මම කොහොමද තරහ නොගෙන ඉන්නෙ ජියා.. ඔයා ජින් හි ව දඩුවමක් නොදී බේරගත්තා කිව්වම මම කොහොමද තරහ නොගෙන ඉන්නේ මැනික.. මට සමාවෙන්න බබා.. ඒත් දැන් ඇති නේද මා එක්ක කතා නොකර හිටියා. ඔයා මා එක්ක කතා නොකර ඉන්න පටන් අරන් දැන් සති දෙකකටත් වැඩී මැනික..."
ජන්ග්කුක් ජියාගෙ බෙල්ල අස්සෙම මූන ඔබා ගෙන ඔහේ කියෙව්වේ තවත් ජියාව ඈතින් ඉන්නවා එයාට බලන්න ඕන නැති නිසා. ඒත් ජියා කලේ කිසිම දෙයක් නොකියා ඔහේ බලන් හිටිය එක.
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Romanceවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...