ජන්ග්කුක් අවුරුදු ගානකට පස්සෙ අද ජියෝන් කෝපරේශන් එකට ආවා. ඒ එනකොටත් මිස්ටර් ජියෝන් සේරම දේවල් ලෑස්ති කරලයි තිබ්බේ. අලුත් සේවකයො කීප දෙනෙක් ඇරුනම එතන වැඩ කරපු හැමදෙනාම ජන්ග්කුක්ව දන්නවා. ඒ වගේම ජන්ග්කුක් ආයෙම CEO විදියට ආපු එක ගැන හැමෝගෙම තිබ්බේ ලොකු ප්‍රසාදයක්.
ජියෝන් කෝපරේශන් එක කියන්නෙ කිම් කෝපරේශන් එකට වඩා සෑහෙන ඉහලින් තියන ව්‍යාපාරයක්. සෞඛ්‍ය ක්ශේත්‍රයේ කොරියාවෙන් ඉහලින්ම තියන සන්නාමයක් තමයි මේ ජියෝන් කෝපරේශන් එක කියන්නේ. කිම් කෝපරේශන් එක ඒ වගේම ටේහියුන්ගේ KTH එක Pharmaceutical industry එකට සම්බන්ද කම්පැනි වුනාට ජියෝන් කෝපරේශන් එක කියන්නෙ එක දේකට විතරක් සීමාවුන කම්පැනි එකක් නෙවේ. ජියෝන් කෝපරේශන් එක නමින් හොස්පිට්ල්ස්, Pharmaceuticals, අනෙකුත් හෙල්ත් කෙයා ප්‍රඩක්ට්ස්,ඒ වගේම හෙල්ත් කෙයා ඉන්ශූරන්ස් වගේ ගොඩක් දේවල් රන් වෙනවා.
ජන්ග්කුක් ඩිරෙක්ටර් බෝඩ් එකේ හෙඩ් ඩිරෙක්ටර් වගේම මිස්ටර් ජියෝන් එක්ක ගියේ මිස්ටර් ජියෝන්ගේ කැබින් එකට. ඔක්කොටම කලින් දැන් ඇති වෙලා තියන තත්වෙ ජන්ග්කුක්ට හරියටම පැහැදිලි කරන්න ඕනෙ නිසයි මුලින්ම මේ විදියට හෙඩ් ඩිරෙක්ටර් වගේම මිස්ටර් ජියෝන් ජන්ග්කුක් එක්ක තනියම කතා කරන්න හිතුවේ.
"පුතා මුලින් අපි දැන් වැටිල තියන තත්වෙ මම කියන්නම්කෝ. "
ඒත් එක්කම හෙඩ් ඩිරෙක්ටර් ජන්ග්කුක්ට වගේම මිස්ටර් ජියෝන්ගෙ අතටත් ප්‍රසන්ටේශන් එකක් දුන්නා.
"ඕක තමා තත්වේ. ගොඩක් ලොකුවට තාමත් කම්පැනි එක දිව්වත් මේක රන් වෙන්නෙ පාඩු පිට පුතා."
"මම ඒක දන්නවා ආප්පා"
"ජන්ග්කුක් සර් අපි මේ විදියට හරි රන් කරන්නේ හොස්පිටල්ස් නිසයි ඉන්ශුවරන්ස් නිසයි. ඒත් ඉස්සරහට ඒවත් ගොඩක් හරියට වෙයි කියන්න බෑ. මොකෝ ඉන්ශුවරන්ස් ක්ලේම් කරනකොට අපිට ලොකු ගනන් දෙන්න සල්ලි නැතුව යනවා."
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Romanceවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...