"අනේ මන්ද බම් ටේ. මම ගිහින් පොඩ්ඩක් ජන්ග්කුකාව බලල එන්නම්"
ජිමින් ,ටේ ට එහෙම කියලා ජන්ග්කුක්ව හොයාගෙන ආවේ ජන්ග්කුක් ගැනත් හොදට දන්න නිසා. ජන්ග්කුක් හාරි ගැන දේවල් වලදි උනත් කොච්චර දරුනු විදියට හැසිරිලා තියනවද කියන්න ජිමින් හොදටම දන්නවා.
"ජන්ග්කුකා..."
"ආ ඕ කියන්න ජිමිනා.."
"උබ තරහින් නේ ඉන්නේ..."
"නෑ බම්. ඒ මොකටද.. "
ජිමින් ආවත් ජන්ග්කුක් කලේ එයා වාඩි වෙලා හිටිය බෙන්ච් එකට වෙලා කොහෙදෝ දිහාවක් බලන් හිටිය එක.
"අඩෝ උබ මටද මේ බොරු කරන්නේ. උබ දන්නව උබ කාට උබේ හිතේ තියන දේවල් හැංගුවත් මගෙනුයි ටේ ගෙනුයි උබට ඒව හංගන්න බෑ.."
"එහෙම මුකුත් නෑ ජිමිනා. පිස්සුද උබට."
"මට නෙවේ උබට පිස්සු හැදෙයි මෙහෙම ගියොත්."
"දැන් උබට මොනාද කියන්න ඕන ජිමිනා.."
"මේ බලපන් ජන්ග්කුක්. තවත් ඔය හිතේ තියන් ඉන්න දේවල් හංගන් ඉන්න එපා. ජියාට කියන්න. ඇයි උබ උබට මේ හම්බුන දෙවනි අවස්තාව මග අරින්න හදන්නේ.."
"මම මොනා කරන්නද බම්. උබ දන්නවා මේ මැරේජ් එක වෙන්න හේතුව අපේ කම්පැනි එකේ තත්වෙයි ජියාගෙ ආරක්ශාවයි විතරයි කියලා."
"ඒත් බම් දැන් තත්වෙ වෙනස්.."
"අප්පල එහෙම හිතුවත් ජියා ඇත්තටම මේකට කැමති වුනේ හාරි නිසා. උබලත් ඒක දන්නවා.. හාරිගෙ ඔම්ම අප්ප ඇරුනම ඊට එහා ගිය බැදීමක් අපි දෙන්නට පටන් ගන්න බෑ බම්.."
ජන්ග්කුක් මේ කියන කතාවට ජිමින්ට ටිකක් තරහ නොගියමත් නෙවේ. ඒත් ජන්ග්කුක්ට මෙහෙම හිතෙන එක සාදාරනයි කියලා දන්න නිසාම ජිමින් ආයෙම සාමාන්‍ය විදියටම ජන්ග්කුක් එක්ක කතා කලා.
"අනේ ඇයි බම් ඔහොම හිතන්නේ. උබ ජියාට ආදරේ කරන එකේ තියන වරද මොකක්ද. අනික් දේ මං නම් හිතන්නෙ අපේ ජියත් උබට කැමතී.."
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Romanceවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...