ජින් හි ජන්ග්කුක් හම්බුවෙලා දැනට දවස් දෙකක්. දවස් දෙකක් ගත වුනත් තාමත් ජන්ග්කුක් ජියාට එදා ජින් හි කියපු කිසිම දෙයක් කිව්වෙ නෑ. ඒ වගේම ජියත් ජන්ග්කුක් ගෙන් ඒ දේවල් අහන්න ගියේ නෑ. ජින් හි ආවත් නැතත් ජන්ග්කුක් ජියාව කිසිම විදියකින් කවදාවත් අත් අරින්නේ නෑ කියන විශ්වාසෙ ජියාගෙ හිතේ තිබ්බා. එදා අපාර්ට්මන්ට් එකේ ඉදලා පහුවදා ආයෙම ජියා ජන්ග්කුක් දෙන්නා එනකොට යද්දි හිටිය දෙන්න නෙවේ ආයෙම එනකොට හිටියෙ කියන්න මිසිස් කිම්ටත් හොදට තේරුනා.
ජන්ග්කුක් ජියා ගැන ඒ විදියට හොයලා බලලා ජියාව ආදරෙන් බලා ගන්න එකට මිසිස් කිම්ගෙ හිතේ ජන්ග්කුක් ගැන තිබ්බ පැහැදීම තවත් වැඩි වුනා. මිසිස් කිම්ට, ජන්ග්කුක් ජියා දෙන්න අතර මුල් කාලෙ තිබ්බ සම්බන්දෙ මතක් වෙලා ඉබේටම මූනට හිනාවක් ආවේ ඒ නිසාමයි.
"මොකෝ sweetheart ... තනියම හිනා වෙන්නේ.."
හාරිව නර්සරි එකෙන් ගන්න යන්න ලෑස්ති වෙලා පඩිපෙළ බැහැගෙන ආව මිස්ටර් කිම් මිසිස් කිම්ගෙන් ඇහුවේ ඈත තියාම එයාගෙ නෝන හිනා වෙනවා දැක්ක නිසා.
"නෑ යූ...මට අපේ මේ අලුත් ජෝඩුව ගැන මතක් වෙලා හිනා ගියේ.."
"ඒ මොකෝ ඒ..."
මිස්ටර් කිම් කතා කරන අතරෙම මිසිස් කිම් එහා පැත්තෙන් වාඩි වුනා.
"පෙරේදා තුන් දෙනා එලියට ගිහින් එනකොට මොනව හරි දෙයක් වෙලා තියනවා. ජන්ග්කුක් පුතා කිව්වෙ නම් රන්ඩු උනේ නෑ කියලා..ඒත් දැක්කනේ දෙන්නම එදා රෑට කෑවෙත් නෑ..."
"ම්ම් ඒක තමා. ඔයා ජන්ග්කුක් පුතා එක්ක කතා කලා කිව්වට මට හරි විස්තරයක් කිව්වෙ නෑනේ.."
"මම ඉතින් ජියා ගැන පුතාට පොඩ්ඩක් තේරුන් කලා.. මොනා වුනත් ජන්ග්කුක් පුතා අපේ ජියාට ගොඩක් ආදරෙයි යූ.. කොල්ලා මා එක්ක කතා කරන අතරෙම ගිහින් එදා ජියාව එක්කන් එලියට ගියා නේ.."
"ඔව් ඉතින්.. ජෝඩුව ඊයෙ ආවෙත් කීයටද බලන්න. මෙහෙ පොඩි කෙල්ලව දාල ගියා කියන්නවත් ඒ දෙන්නට ගානක් නෑ..."
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Romanceවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...