ජන්ග්කුක් හිටියේ ඇත්තටම අසරන වෙලා. ඒත් ජන්ග්කුක් කිසිම විදියකින් ආයෙ පරන තත්වෙට වැටෙන්නෙ නෑ කියන අදිශ්ටානය නිසාම ජන්ග්කුක් හිටියේ ජියා එක්ක තරහින්. කිම් මැන්ශන් එකට ආපු ගමන් ජන්ග්කුක් ජියා හාරි දෙන්නව බස්සලා ආයෙම වාහනේ හරවන් යන්න ගියේ ජියත් මේ දිහා වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා අසරනව බලන් ඉන්නකොට.
ජන්ග්කුක් කෙලින්ම ආවේ ක්ලබ් එකකට. තාම හවස්වරුව නිසා ලොකු සෙනගක් නැති නිසා කිසි කරදරය් නැතුව ජන්ග්කුක් බාර් ඒරියා එකට ගියා. ජීවිතේ කවදාවත්ම බීල ප්රශ්නවලට මූන නොදෙන ජන්ග්කුක් අද එයාට සිහියෙන් ඉන්න බැරි වෙන තරමට බොන්න තීරනේ කලා.
මොකද සිහියෙන් ඉන්නවා කියන්නෙම ජන්ග්කුක්ට මේ වෙලාවේ ඔලුවට ලොකු බරක්. ශොට් එක දෙක ගන්න අතරේ ජන්ග්කුක් නොදැනිම කෙලින් ඉන්න බැරි වෙන්න බිව්වේ මේ දේවල් ඒ විදියෙන් හරි ඔලුවෙන් අයින් කරන්න ඕන කියන දැඩි සිතුවිල්ල නිසා.
ජන්ග්කුක් රෑ වෙලත් ගිය තැනක් දන්නෙ නැති නිසා ජියා හිටියෙ බයෙන්. මොකද ජන්ග්කුක් හිටියේ ගොඩක් තරහින් කියන්න ජියා දන්නවා. ජියා ලිවින් රූම් එකේ එහාට මෙහාට යන ගමන් ජන්ග්කුක් ගැන කල්පනා කර කර ඉන්නකොට ටේ ඇවිත්,
"මොකෝ ජියා...ඇයි මේ.."
"අනේ ඔප්පා.."
"ඇයි ජියා මේ.. කෝ ජන්ග්කුකා.. දවල් ඔයාල ආවෙ එකට නෙවේද"
"එකට තමයි ආවෙ අනේ.. ඒත් මේ ඔප්පා අපි දෙන්නව දාලා ආයෙම ගියා.."
"ආ එහෙනම් වැඩ ඇති කොල්ලට.."
"නෑ ඔප්පා.. අද දවසම එයයි මායි නිවාඩු දැම්මා...ඒත් දැන් වෙලාව බලන්නකෝ.. නවයටත් ලගයි තාම නෑනෙ මෙයා..මට බයයි ඔප්පා.."
ජියා බයෙන් කතා කරනකොට ටේ ජියාව කොච්චර කාම් කරන්න හැදුවත් වැඩක් වුනේ නෑ. අනික ජියාට මේ වුන දේවල් ටේ ට කියන්නත් බෑ
![](https://img.wattpad.com/cover/350515982-288-k127450.jpg)
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Romanceවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...