Chapter 41 🌼

473 64 37
                                    

ජන්ග්කුක් ගෙ කලබල කාරී බව කොච්චර ද කියනව නම් ජන්ග්කුක්ට ඒ වෙලාවේ ජිමින් ටේ දෙන්නට කියන්න ඕන දේවත් ගලප ගන්න බැරි වුනා. ජන්ග්කුක් ගෙ ඔලුවෙ ඒ වෙලාවෙ හිටියෙ ජියා විතරයි. ජියා විතරමයි. ජියාව මේ මොහොතෙම හොයන් යන්න ඕන කියන දේ විතරයි ජන්ග්කුක් හිතුවේ. ජිමින් ටේ කොච්චර කෑ ගැහුවත් ජන්ග්කුක්ට ඒ ගැන කිසිම සිහියක් තිබ්බෙ නෑ. මොකද ජන්ග්කුක් ගෙ හිතේ දැන් කියා ගන්න බැරි තරම් හැගීම් ගොඩක් පොර බඳිනවා.

🐥 මොන මගුලක්ද ජන්ග්කුක්. උනේ මොකක්ද කියපම්.

🐯 ඔව් යකෝ.. ඇයි මගෙ නංගිට මොකද කියපම්..

ජියා ගැන දෙයක් කියලා ජන්ග්කුක් කියපු වෙලේ ඉදන් ටේ හිටියෙත් ගොඩක් බයෙන්. ඒ නිසාම ටේ අත් දෙකෙන්ම ජන්ග්කුක් ගෙ කොලර් එකෙන් අල්ලන් කෑ ගැහුවේ ජන්ග්කුක් ගෙන් වචනයක් හරි පිටට ගන්න.

🐰 ටේ.. අපේ සුද්දිව එක්කන් යන්න.

🐯 මොකක් ??

🐰යාහ්හ්හ්.. අපේ සුද්දිව ඔම්මල එක්ක මැන්ශන් එකට එක්කන් යනවා. ම..ම්..මට හදිසි ගමනක් යන්න තියනවා.

ජන්ග්කුක් ටේගෙ අත් දෙක ගසලා දාලා කෙලින්ම ගියේ එයාගෙ වාහනේ ගාවට. ජිමින් ටේ කොච්චර කෑ ගහලා පස්සෙන් ගියත් ජන්ග්කුක්ව නවත්තන බැරි වුනා. ඒ නිසා ටේ ත් ලෑස්ති වුනේ ජන්ග්කුක් පස්සෙන් යන්න. ඒත් ජිමින්,

🐥 එපා ටේ..

🐯 ඇයි බම්.. ජියා ගැන මොකක් හරි දෙයක් ජිමිනා. අර යකා ගොඩක් කලබලයි.

🐥 ඔව් ඒක හරි. ඒත්පරිස්සම් වෙන්න දන්නවා. අනික ඔය ගියේ ජියාව හොයාගෙන ඒක මට ශුවර්.

🐯 මාත් යනවා. මොනා වෙලාද දන්නෙ නෑ.

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now