@Lee bin Office
"ඉක්මනට එනවා..."
මිස්ටර් ලී එක පාරටම එයාගෙ ඔෆිස් කාමරේ තියන ලෑන්ඩ් ෆෝන් එකෙන් කාටද කෝල් කරලා ඒ කෙනා වචනයක්වත් කියන්න කලින් කෑ ගැහුවේ තරහින්. විනාඩි කීපයකට පස්සේ රූම් එකේ දොරට තට්ටු කරලා තරුන පුද්ගලයෙක් ඇතුලට ආවා. ඔහු මිස්ටර් ලී ගෙ ප්‍රදාන ආරක්ශකයා.
"සර්..."
"කියපු වැඩේ කලාද මිනිහෝ... ජියෝන් කම්පැනි එක ඇතුලට රිංගන්න විදියක් හොයා ගත්තද !! "
වේගෙන් තමන්ගෙ අතෙන් මේසයට ගහලා ලී කෑ ගැහුවේ හරිම ආවේගයකින්. මොකද මේ වෙන කොට මිස්ටර් ලී ගෙ හැම ප්ලෑන් එකක්ම කන පිට ගැහෙන්න පටන් අර ගෙනයි තිබ්බේ.
"න් - නෑ සර්..."
ආරක්ශකයා කොච්චර තරුණ වුනත් ලී ට වඩා ශරීරයෙන් ශක්තිමත් කෙනෙක් වුනත් ලී යටතේ ඔහුට මහ සද්දෙට කතා කරන්න අවසර නෑ. ඒ නිසාමයි ආරක්ශකයා ගොත ගගහා කතා කලේ. මොකද තමන් ඒ දේ නොකලයි කිව්වම ලී ට ඊට වඩා තරහ යන බව ඔහු දන්නවා.
"මොන මගුලක්ද කරන්නේ. තොපිලට ඒ දේවත් කරගන්න බැරිද ආ.. මහ ලොකු බොඩි ගාඩ්ස්ලා.. තොපි මාව මරල ගියත් දන්නෙ නෑනෙ යකෝ..."
"එහෙම නෙවේ සර්..."
"එහෙම නෙවේ නම් කොහොමද මිනිහෝ... ඒ අස්සෙ මේ ශින් නෑ.. ඌ දැන් දවස් හතරක ඉදන් ආගිය අතක් නෑ..."
"සර්..අපිට ජියෝන් කෝපරේශන් එකට යන්න බැරි ඒකෙ සම්පූර්ණ ආරක්ශාව වැඩි කරලා තියන නිසා."
"මොකක් ??"
මිස්ටර් ලී පුදුමෙන් ඇහුවේ ඕනෑම කම්පැනි එකකට සාමන්‍යයෙන් ආරක්ශාවක් තියනවා. ඒත් මේ ආරක්ශකයා ඇයි ඒක විශේෂ කරලා ලීට කිව්වෙ කියන ප්‍රශ්නෙ නිසා..
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Storie d'amoreවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...