හැමෝම බලන් හිටියේ මිස්ටර් කිම් දැන් මොනවා කියයිද කියලා. හොද හුස්මක් ගත්ත මිස්ටර් කිම් කතා කරන්න ගත්තා.
Sweetheart ඔයාගෙ හිතේ ජියාට ගැලපෙනවයි කියල හිතෙන කවුරුහරි ඉන්නවද කියන්න. ඒක මට මුලින් කියලා ඉන්න ඊට පස්සෙ මම කියන්නම්.
මොකක්ද
මං ඇහුවේ ජියාට ගැලපෙයි කියල හිතෙන හොද පිරිමි ළමයෙක් ගැන.
අනේ අප්පා...
මං එක පාරක් කිව්ව ජියා. පොඩ්ඩක් ඉන්න මැනික.
අනී එහෙම කෙනෙක් නෑ යූ.
මිසිස් කිම් එහෙම කිව්වට ඒ මූනෙ තිබ්බෙ නම් වෙනමම දෙයක්. මොකද මිසිස් කිම් දැන් ටික කාලෙක ඉදන් ජියාට හරියයි කියලා හිතන පුද්ගලයෙක් ගැන හිතේ තියාගෙනයි හිටියේ. ඒත් මොකක්දෝ හේතුවකට මිසිස් කිම්ට ඒක කියන්න පුලුවන් කමක් නෑ.
හරි එහෙනම්. මම ජියාට යෝජනා කරන කෙනා ඔයාල හැමෝම හොදට දන්න අදුරන කෙනෙක්. මං හිතන්නෙ මගෙ ජියාට ගැලපෙනම කෙනා එයා තමයි.
අනේ අප්පා..
ජියාට කිසිම උවමනාවක් තිබ්බෙ නෑ විවාහයක් කියන බැඳීමට යට වෙන්න. ජියා කොයි වෙලෙත් හිතුවේ සාර්තකව තනියෙන් ජීවත් වෙන්න පුලුවන් කෙල්ලෙක් වෙන එක ගැනම විතරයි. ඒත් ජියා හොදටම දන්නවා ඔම්ම අප්පා දෙන්න කවදාවත් ජියාට තනියෙන් ඉන්න ඉඩ තියන්නෙ නෑ කියලා. ඒත් ජියා මේ දේවල් මෙච්චර ඉක්මනට වෙයි කියලා බලාපොරොත්තු වුනේ නෑ. ඒකමයි ජියා මිස්ටර් කිම් කියන්න යන දේ කියන්නත් කලින් ඉදන්ම විරුද්ධ වෙන්නේ.
ඇත්තටම ඒක විතරමද හේතුව. නෑ.. මොකද අනික් කවුරුත් නොදන්නවා වුනාට ජියා හාරි වෙනුවෙන් ඔම්ම වෙන්න තීරනේ කරලයි තිබ්බේ. එහෙම එකේ එයා කොහොමද හිතට එකගව ඒ දරුවා ආයෙම තනි වෙන්න ඇරලා වෙන කෙනෙක්ව බදින්න හිතන්නෙවත්. ජන්ග්කුක් ජියා අතර එහෙම බැදීමක් නැති බව ඇත්ත. ඒත් ජියා හිතුවෙ ජියා තනියම ඉන්න කාලෙ පුරාවටම හරි හාරිගෙ ඔම්ම නැති අඩුව එයාට නැති කරන්න පුලුවන් නේද කියන එක විතරයි.
YOU ARE READING
Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Romanceවරක් ආගන්තුකයෙකු පමණක්ම වූ පුද්ගලයෙකු හදිසියේම ඔබට ඔබේ මුලු ලෝකයම සේ දැනෙන්නේ කෙසේද යන්න පුදුම සහගතය. It is amazing how a person who was once just a stranger can suddenly mean the whole world to you. හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා Strangers to Lovers රස...