Chapter 25 🌼

511 70 23
                                    

මිසිස් කිම් කිව්ව විදියටම වාහනේට නැග්ග වෙලාවෙ ඉදන් අප්පගෙයි පුතාගෙයි වැඩේ වුනේ බිස්නස් ගැන කතා කරන එක. මිසිස් කිම් හිතින් දහස් වාරයක් හේයිට ස්තූති කලා එයාල එක්ක ආපු එකට. ඒත් හේයි කියන්නෙ හරිම නිශ්ශබ්ද චරිතයක්. ඒ නිසාම හේයි වාහනේට නැග්ග වෙලේ ඉදන් කලෙත් සද්ද නොකර හිටිය එක තමයි.

"අනේ හේයි ඔයා ඔහොම යන්නද ඉන්නේ. කතා කරන්නකෝ දරුවෝ..."

මිසිස් කිම් හේයිගෙ අතිනුත් අල්ලගෙන අහනකොට මෙච්චර වෙලා ශටර් එකෙන් එලිය බලාගෙන හිටිය හේයි මිසිස් කිම් දිහාවට හැරිලා හිනා වුනා.

"ඔයාට නම් ලේසි වෙන්නෙ නෑ හේයි.අපේ sweetheart ඔයා කතා කරනකන්ම ඔයා එක්ක කතා කරයි."

මිස්ටර් කිම් හිනා වෙවී කියන කොට ටේත් හිනා වුනේ එයාගෙ ඔම්මගෙ හැටි හොදට දන්න නිසා.

"හා හා ඔය දෙන්න ඔයාලගෙ කතාවක් කරන් යන්න මායි හේයි අපි දෙන්නගෙ කතාවක් කරගන්නම්. නේද හේයි."

"හරි මැඩම්."

හේයි උත්තර දීපු විදියට මිස්ටර් කිමුයි ටේයි තරගෙට හිනා වුනේ මිසිස් කිම් ඒ දෙන්නම දිහා හොදට රවන් බලන් ඉන්නකොට

"හයියෝ දුව මට මැඩම් කියන්න එපා අනේ.ඕනම නම් ඔය ඉස්සරහින් යන මහලොකු අප්පටයි පුතාටයි සර් කියන්න. මට නම් මැඩම් කියන්න එපා."

"ඒත් මැඩම්..."

"ඔය ආ‍යෙත් මැඩම්ලු.ඔයත් අපිට සෙරා වගේම අපේ පවුලෙම දුවෙක්. ඒ නිසා එහෙම කතා කරන්න එපා. නේද යූ..."

"ඇත්ත ඇත්ත. ඔෆිශියල් දේවල් වෙනයි මේව වෙනයි හේයි. ඒ නිසා ඔයා අපිට මැඩම් සර් කියල කතා කරන්න ඕනෙ නෑ.."

හේයිත් හිනා වෙවීම ඔලුව වැනුවම ආයෙම ඉතින් මිසිස් කිම් කියවන්න පටන් ගත්තා. ටේ ට නම් හිනා. මොකද ගමන යන පුරාවට හේයිට ඔම්මගෙන් ගැලවීමක් නැති බව ටේ දන්නවා. ඒත් ටේ ට හරිම සතුටුයි. මොකද හේයි කියන්නෙ ඇත්තටම තනි වෙලා ඉන්න කෙනෙක්. හේයි මෙහෙම හිනා වෙවී අනික් අය එක්ක කතා බහ කරල ඉන්නව දකින්න ටේ හරිම ආස කලා. හේයිව පලවෙනියට දැකපු දවසෙ ඉදන් හේයිගෙ තියන අහිංසක ගති ගුණ වලට ටේ ආදරේ කරන්න පටන් ගත්ත නිසාමද කොහෙද ටේ ට ඕන වුනේ හේයිටත් ලස්සන පවුලක් හදල දෙන්න. එයා තනි වෙලා නෑ කියල දැනෙන්න අරින්න.

Strangers to Lovers ❤️ [JJK] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now